මෑතකදී ආදරණීය මවක් වුණු මාධවීගේ සහ ඇගේ පුංචි පුතාගේ තොරතුරු දැනගන්නත් රසිකයෝ ගොඩක් උනන්දුවෙන් තමයි බලාගෙන ඉන්නේ. අම්මා කෙනෙක් වුණාට පස්සේ මාධවීගේ ජීවිතේ කොච්චර ලස්සන වෙලාද කියන එක ඇය සමාජ මාධ්‍යයට එක් කරන ඡායාරූපවලින්ම පේනවා.
පහුගිය දවසක මාධවීගේ චූටි පුතාගේ හුරුබුහුටි ඡායාරූපයක් දැකපු පවුලේ සමීපතමයෙක් හරිම අපූරු සටහනක් එක්කරලා තිබුණා. ඒ සටහනින් කියැවුණේ වෙන මොකක්වත් නෙවෙයි, මාධවීගේ ළමා කාලයේ සිදුවුණු හරිම සුරතල් සිදුවීමක් ගැනයි. මේ ෆොටෝ එක දැක්කම ඒ කෙනාට එකපාරටම මතක් වෙලා තියෙන්නේ චූටි පුතාගේ අම්මා, ඒ කියන්නේ මාධවීගේ පුංචි කාලෙලු.
"මේ පිංතූරය දැක්කම මට මතක් උනේ ඔයාගෙ අම්මව..."
කියලා පටන් ගන්න මේ කතාවේ කියවෙන්නේ, මාධවී පුංචි කාලේ වැටි වැටි ඇවිදින දවස්වල එයාලගේ වත්තේ තිබුණු මල් ගස් ළඟට ගිහින් හොරෙන්ම මල් කඩපු හැටි ගැනයි.
"ඉස්සර අපේ වත්තෙ මල් හැමතැනම. ඔයාගෙ අම්ම වැටි වැටි ඇවිදින කාලෙ මල් ගස් ලඟට ඇවිල්ල හොරෙන්ම මල් කඩනවා. අපි නිකමට හරි දැක්කොත් 'අනේ බල් පව්' කියලා කඩපු මල් ඉඹිනවා..."
බලන්නකො ඒ කතාවේ තියෙන සුන්දරත්වය! හොරෙන් මල් කඩලා අහුවුණාම, මල් වලට ආදරෙයි වගේ පෙන්නන්න කඩපු මල් ටික ඉඹලා "අනේ බල් (මල්) පව්" කියන පුංචි මාධවීගේ රූපය මේ කතාව ඇහුවම අපේ හිතෙත් මැවෙනවා නේද?
මේ සටහනින් පැහැදිලි වෙන්නේ චූටි පුතාගේ මුහුණේ හැඩරුව විතරක් නෙවෙයි, ඒ හුරුබුහුටි දඟකාරකම් පවා හරියටම අම්මා මාධවීගේ වගේමයි කියන එකයි. අම්මා වගේම චූටි පුතාත් මල් වලට, සොබාදහමට ආදරේ කරන අපූරු දඟකාරයෙක් වේවි. ඉතින් අපිත් මාධවීගේ චූටි පුතාට නීරෝගී සුවය පිරි ලස්සන අනාගතයකට ආදරයෙන් සුබ පතමු!