හැබැයි ඔන්න මුහුණුපොත පුරා හුවමාරු වුණු එක එක විදියේ වීඩියෝ අතරේ, කාගේත් නෙත සිත පිනවාලූ ඉතාමත් අපූරු, ඒ වගේම සංවේදී වීඩියෝවක් අපේ නෙත ගැටුණා.
ඒ වෙන කවුරුවත් නෙවෙයි... අපේ රටේ කලා කෙත අස්වැද්දූ, හෙළ කලා පරපුරේ සදා අමරණීය ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතාගේ රූපයක් නැවතත් සජීවීව ප්‍රතිනිර්මාණය කරපු අපූරු අවස්ථාවක්.
මෙම වීඩියෝවේ ඉන්න දක්ෂ තරුණයා ජැක්සන් ඇන්තනී මහතාගේ සිතුවම නිර්මාණය කරන්නේ සාමාන්‍ය කොළයක හෝ කැන්වසයක නෙවෙයි. ඔහු ඒ සඳහා තෝරාගෙන තියෙන්නේ ස්වාභාවික ශාක පත්‍රයක්.
ශාක පත්‍රයේ සියුම් රේඛා අතරින් ඉතාමත් සූක්ෂම ලෙස, අතිශය තාත්වික අන්දමින් ජැක්සන් ඇන්තනී මහතාගේ මුහුණේ ස්වරූපය සිතුවම් කරන්නට මේ අපූරු ශිල්පියා සමත්ව තිබෙනවා.
කලාකරුවාණන් කෙරෙහි ඇති ආදරයත්, තමන්ගේ සහජ දක්ෂතාවත් එකට එකතු කරලා කරපු මේ අපූරු නිර්මාණයට මේ වන විටත් සමාජ මාධ්‍ය හරහා ඉහළම ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.
ඔයාලත් බලන්නකෝ ඒ අවස්ථාවේ සුන්දර පින්තුර කිහිපයක්...
