තමන්ගේ නිවස පිටුපස තියෙන කුඹුරු යායක නිදහසේ සරුංගල් යවමින් හිටපු මේ තරුණයා වෙත යතුරුපැදිවලින් කඩාපාත් වුණු තරුණයින් තුන්දෙනෙක් එකපාරටම මේ ප්‍රහාරය එල්ල කරලා තියෙනවා. පිහි ඇනුමෙන් අදාළ තරුණයාගේ ගෙල ප්‍රදේශයට බරපතළ තුවාල සිදුවෙලා තියෙන අතර, ඔහුව වහාම රාගම රෝහලට ඇතුළත් කරලා තියෙනවා. ඔහු තවමත් එහි ප්‍රතිකාර ලබමින් සිටින බවයි කඩවත පොලිස් ස්ථානාධිපති බුද්ධික රාජපක්ෂ මහතා පවසන්නේ.
පොලිසිය සඳහන් කරන විදිහට මේ මුළු සිද්ධියටම මුල වෙලා තියෙන්නේ "ප්‍රේම සම්බන්ධතාවයක්". ආදර පටලැවිල්ලක් දුරදිග ගිහින් තමයි මේ විදිහට තරුණයෙකුගේ ජීවිතයක් පවා අනතුරේ වැටෙන තැනට වැඩ සිද්ධ වෙලා තියෙන්නේ.
මේ සිද්ධිය ගැන කතා වෙද්දී තියෙන විශේෂම කාරණාව තමයි, පිහියෙන් ඇන්න බවට සැක කෙරෙන ප්‍රධාන තරුණයාගේ පියා පොලිස් නිලධාරියෙකු වීම. හැබැයි මේ ප්‍රහාරයෙන් පස්සේ පැනලා යන්න හදපු මේ ප්‍රධාන සැකකරුවාව සිද්ධිය වුණු තැනට නුදුරින්දීම අල්ලගත්ත ගම්වාසීන්, ඔහුව කෙළින්ම පොලිසියට භාර දීලා තියෙනවා.
සිද්ධියෙන් පස්සේ යතුරුපැදිවලින් පැනලා ගිය අනිත් තරුණයින් දෙන්නා, පසුව කඩවත පොලිසියට පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට අරගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, මේ ආකාරයට නීතිය අතට ගත් සැකකරුවන් තිදෙනාව අද (31) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.