දවසින් දවස අලුත් වෙන ඩිජිටල් තාක්ෂණයේ සහ STEM (විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු, ගණිත) අධ්‍යාපනයේ තවත් දැවැන්ත පිම්මක් පනිමින්, ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරයට අරන් යන්න 18 හැවිරිදි අපේම දියණියකට අවස්ථාව ලැබිලා.
ඇය නමින් සෙනීසා ගුණවර්ධන. දැනට ලංකාවේ සිසු සිසුවියන් 200කට අධික පිරිසක් STEM අධ්‍යාපනික වැඩසටහන යටතේ සක්‍රීයව පුහුණුව ලබනවා.
මේ දැවැන්ත පිරිස අතරින් අතිශය තරගකාරී තේරීම් ක්‍රියාවලියකට මුහුණ දීලා තමයි සෙනීසා, "ShakthiSAT International Mission" ජාත්‍යන්තර අභ්‍යවකාශ මෙහෙයුම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන්න තේරී පත්වෙලා තියෙන්නේ. මේක ලේසි පාසු ගමනක් නෙවෙයි!
මේ සුවිශේෂී අභ්‍යවකාශ මෙහෙයුම් වැඩසටහන එළඹෙන අගෝස්තු 22 ඉඳන් 31 වෙනකම් ඉන්දියාවේ ගෞතම් බුද්ධ විශ්වවිද්‍යාලයේදී (Gautam Buddha University) අතිඋත්කර්ෂවත් විදිහට පැවැත්වීමට නියමිතයි. ඒ වෙනුවෙන් ඇය අගෝස්තු 21 වෙනිදා නව දිල්ලිය බලා පිටත් වෙන්නයි සූදානම.
මේ සංචාරය අතරතුරදී සෙනීසා දියණියට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ඉන්දීය ජනාධිපතිවරිය සහභාගී වන නිල රාජ්‍ය තාන්ත්‍රික හමු සහ රාජ්‍ය උත්සව කිහිපයකටම ශ්‍රී ලංකාවේ නිල නියෝජිතවරිය විදිහට සහභාගී වෙන්නත් ඉඩකඩ ලැබිලා තියෙනවා.
ඉතින් වයස අවුරුදු 18ක අපේම කෙල්ලෙක් මේ වගේ දැවැන්ත ජාත්‍යන්තර වේදිකාවකට ගිහින් ලෝක නායකයින් එක්ක එකට වාඩිවෙන එක ගැන අපිට තියෙන්නේ ලොකු ආඩම්බරයක්! සෙනීසා දියණියට අපෙන් උණුසුම් සුබ පැතුම්! ලංකාවේ නම අභ්‍යවකාශයටම අරන් යන්න ඇයට තවත් ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු!