ඒ අස්සේ ඔන්න ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් ඇඟ කිලිපොළා යන අලුත්ම ආරංචියක් දීලා තියෙනවා. මේ අවුරුද්දේ ගෙවුණු කාලය ඇතුළත විතරක් ලංකාවෙන් ඩෙංගු රෝගීන් 83,661ක් වාර්තා වෙලා තියෙනවා. ඒ කියන්නේ ඩෙංගු රෝගීන් ලක්ෂයේ සීමාවටත් දැන් බොහොම ආසන්නයි.
මේක නිකම්ම නිකන් උණක් කියලා හිතාගෙන හිටියට, මේ වෙද්දී ඩෙංගු මාරයා අපේ රටේ වටිනා ජීවිත 61ක්ම බිලිගෙන ඉවරයි.
ඔන්න ගම්පහ පැත්තේ අයට තමයි මේ දවස්වල ඇස් දෙක ඇරගෙන පරිස්සම් වෙන්න වෙලා තියෙන්නේ. මොකද ලංකාවෙන්ම වැඩිම ඩෙංගු රෝගීන් ගාණක් (17,779ක්) වාර්තා වෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ඒ විතරක් නෙවෙයි, කොළඹ අයත් පරිස්සම් වෙන්න ඕනේ, මොකද කොළඹ දිස්ත්‍රික්කයත් රෝගීන් 16,665ක් එක්ක ලැයිස්තුවේ දෙවැනි තැන ඉන්නවා.
පළාත් විදිහට බැලුවොත් බස්නාහිර පළාත තවදුරටත් ඉන්නේ රතු නිවේදන මට්ටමේ. රෝගීන් 44,359ක්ම වාර්තා වෙන්නේ බස්නාහිරින්. ඒ වගේම දකුණු පළාතෙනුත් රෝගීන් 12,586ක් එක්ක පළාත් ලැයිස්තුවේ දෙවැනි තැනට පත්වෙලා තියෙනවා.
ඩෙංගු මර්දන ඒකකය කියන විදිහට මේ වෙද්දී ලංකාව පුරාම ඩෙංගු අධි අවදානම් කලාප 175ක් හඳුනාගෙන තියෙනවා.
ඉතින් ඔයාලගේ වත්ත පිටිය, ගෙවල් අවට වතුර රැඳෙන තැන් තියෙනවා නම් අදම ඒවා සුද්ද පවිත්‍ර කරගන්න. මැස්සෝ මදුරුවෝ බෝවෙන්න නොදී වටපිටාව පිරිසිදුව තියාගන්න. නැත්තම් මේ ඩෙංගු මාරයා ඊළඟට එන්නේ ඔබේ ගෙදරට වෙන්නත් පුළුවන්! කෝකටත් පරිස්සමෙන් ඉන්න එක තමයි හොඳම දේ.