ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය (PHI) අනතුරු අඟවන්නේ මේ දිනවල මී උණ අවදානම සෑහෙන දුරට ඉහළ ගිහින් තියෙන නිසා ජනතාවට දැඩි අවධානයෙන් ඉන්න කියලයි.
මීයන්ගේ මුත්‍රාවල තියෙන බැක්ටීරියාවක් තමයි මේකට මුල! කුඹුරුවල වැඩ කරන ගොවි මහත්වරුන්ට විතරක් නෙවෙයි, මේ අයත් ඉන්නේ ලොකු අවදානමක:
කානු පද්ධති සුද්ද කරන අය
පුරන් වුණු කුඹුරු සහ වගුරුබිම්වල සෙල්ලම් කරන ළමයි
දියකඩිති සහ නිසලව තියෙන ජලාශවල නාන්න යන අය
ඇඟේ තියෙන පොඩි සීරීමකින්, තුවාලයකින් වගේම ඇස් වලින් පවා මේ බැක්ටීරියාව ලේසියෙන්ම ඇඟට රිංගනවා.
මඩ තියෙන තැන්වල වැඩට බහින්න කලින් 'ඩොක්සිසයික්ලීන්' (Doxycycline) කියන බෙහෙත පාවිච්චි කරනවා නම් මේ රෝගයෙන් බේරෙන්න පුළුවන්. විශේෂම දේ තමයි, මේ බෙහෙත ඔයාලගේ පැත්තේ ඉන්න PHI මහත්තයාගෙන් හරි, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාලයෙන් හරි සත පහක්වත් ගෙවන්නේ නැතුව නොමිලේම ගන්න පුළුවන් කම තියෙනවා. (හැබැයි වෛද්‍ය උපදෙස් මත විතරයි පාවිච්චි කරන්න ඕනේ!)
සෞඛ්‍ය පරීක්ෂකවරු කියන විදිහට මී උණ රෝගයේ ලක්ෂණ ගොඩක් දුරට ඩෙංගු වලට සමානයි. උණ, හිසරදය, ඇඟපත වේදනාව වගේම ඇස් යට වේදනාව එන්නත් පුළුවන්.
සටහන: මේ වගේ රෝග ලක්ෂණ ආවොත් "මේක සාමාන්‍ය උණක්" කියලා ගෙදරට වෙලා කොත්තමල්ලි බිබී ගොඩ වෙදකම් කර කර ඉන්න එපා. කල් මරනවා කියන්නේ ජීවිතේ එක්ක සෙල්ලම් කරනවා වගේ වැඩක්. ඉක්මනටම ගිහින් ලේ පරීක්ෂාවක් කරගෙන නිසි ප්‍රතිකාර ගන්න එක තමයි නුවණට හුරු! ගමේ ගොඩේ ඉන්න නෑදෑයින්ට, කුඹුරේ වැඩට යන අයට වගේම දියකඩිති වල නාන්න යන යාලුවන්ටත් මේක ෂෙයාර් කරලා දැනුවත් කරන්න!