ඇගේ රංගන කුසලතාවයට වගේම ඇගේ ආකර්ෂණීය පෙනුමටත් ප්‍රේක්ෂකයින් දක්වන්නේ පුදුම ආදරයක්. ඉතින් මේ දවස්වල සමාජ මාධ්‍ය තුළ වැඩිපුරම කතාබහට ලක්වෙන්නේ සංජානා ඇගේ ෆේස්බුක් ගිණුමට එකතු කරලා තිබුණු අලුත්ම ඡායාරූප පෙළක් ගැනයි.
හරිම ලස්සන, ආකර්ෂණීය ගවුමකින් සැරසිලා ගත්තු මේ ඡායාරූපවලට ප්‍රේක්ෂකයින්ගෙන් ඉහළම ප්‍රතිචාරයක් ලැබෙමින් පවතිනවා. ඇගේ සුන්දරත්වය සහ මනරම් සිනහව මේ ඡායාරූපවලින් තවත් කැපිලා පේනවා කියලා තමයි බොහෝ දෙනෙක් කමෙන්ට් කරලා තිබුණේ.
හැබැයි, මේ ලස්සන ඡායාරූප ටිකට වඩා කාගෙත් අවධානය දිනාගත්තේ ඇය ඒ ඡායාරූපවලට යොදලා තිබුණු සටහනයි.
“I love my peace more than bad company”
එහෙමත් නැත්නම් "නරක ආශ්‍රයට වඩා මගේ මනසේ සාමයට සහ නිදහසට මම ආදරෙයි" කියන ගැඹුරු අදහස තමයි ඇය එහි සටහන් කරලා තිබුණේ.
මේ සටහන දැක්කම බොහෝ දෙනෙකුට කුතුහලයක් ඇතිවෙලා තියෙනවා සංජානා මේ වගේ දෙයක් කිව්වේ කාටද කියලා. ජීවිතේට ආපු මොකක් හරි නරක අත්දැකීමක් නිසා හරි, නැත්නම් වටේ ඉන්න ව්‍යාජ මිතුරන්ගෙන් ඈත් වෙලා තමන්ගේ පාඩුවේ නිදහසේ ඉන්න ඇය තීරණය කරලා තියෙනවා කියන එක තමයි බොහෝ දෙනෙක්ගේ මතය වෙලා තියෙන්නේ.
කොහොම වුණත්, හිසරදයක් වෙන මිනිස්සුන්ගෙන් ඈත් වෙලා තමන්ගේ පාඩුවේ සතුටින් ඉන්න එක කොච්චර වටිනවද කියන එක සංජානාගේ මේ ඡායාරූප සහ සටහන හරහා අපූරුවට පැහැදිලි වෙනවා!