මාස දෙකකින් විභාගය කල් දමන්න කියලා ළමයි පිරිසක් කරපු ඉල්ලීම අද (23) අභියාචනාධිකරණය විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා දාලා තියෙනවා.
මේ අවුරුද්දේ පළමු සහ දෙවන වරට ඒ ලෙවල් (A/L) ලියන සිසු සිසුවියන් පිරිසක් එකතු වෙලා තමයි මේ රිට් පෙත්සම අධිකරණයට ඉදිරිපත් කරලා තිබුණේ. ඔවුන් ඉල්ලා සිටියේ පාඩම් වැඩ අවසන් කරගන්න කාලය මදි නිසා, අගෝස්තුවේ පැවැත්වීමට නියමිත විභාගය තව මාස දෙකකින්වත් කල් දාලා දෙන්න කියලයි.
මෙම පෙත්සම සම්බන්ධයෙන් දීර්ඝ විදියට කරුණු සලකා බලපු අභියාචනාධිකරණය අද දින තීරණය කළේ, එම පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරලා දාන්නයි. ඒ කියන්නේ, දැන් නම් විභාගය කල් යන කතාවක් හිතන්නවත් අමාරුයි!
"විභාගය කල් යයි" කියලා හිතාගෙන පොත් පැත්තකට කරලා ෆෝන් එකේ හිටපු අයට දැන් නම් ඉතුරු වෙලා තියෙන දවස් ටිකේ රෑ නිදි මරාගෙන පාඩම් කරන්න තමයි වෙන්නේ. ඒ නිසා දැන්වත් ගොසිප් කියෙව්වා ඇති, ඉක්මනට ගිහින් පාඩම් වැඩ ටික පටන් ගන්න එක තමයි ඇඟට ගුණ!