2026 ශිෂ්‍යත්ව විභාගයට තව තියෙන්නේ හරියටම සති දෙකකටත් අඩු කාලයක් නිසා කලබල වෙන්න කලින් මේක අනිවාර්යයෙන් කියවන්න!
ඔබේ දරුවාගේ ශිෂ්‍යත්ව අයදුම්පතේ නමේ අකුරක් හරි, වෙනත් විස්තරයක හරි මොනවාම හරි වැරැද්දක් තියෙනවද? එහෙනම් ඒක හදාගන්න ඔන්න අන්තිම අවස්ථාව දීලා තියෙනවා. ජූලි 23 ඉඳන් අගෝස්තු 03 වෙනිදා වෙනකම් විතරයි මේ සඳහා කාලය දීලා තියෙන්නේ. අදාළ පාසල්වලින් දැනටමත් ළමයින්ගේ පැමිණීමේ ලේඛන කලාප අධ්‍යාපන කාර්යාලවලට යවලා ඉවරයිලු. ඉතින් ඉක්මනින් මේක හදාගන්න එක තමයි ඇඟට ගුණ!
මේකට රස්තියාදු වෙන්න ඕනේ නෑ, ගෙදර ඉඳන්ම ෆෝන් එකෙන් හරි කම්පියුටර් එකෙන් හරි ඔන්ලයින් (Online) මේක හදාගන්න පුළුවන්.
කරන්න තියෙන්නේ මෙච්චරයි..
විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගිහින් "අපගේ සේවා" යටතේ තියෙන "Exam Information Centre" එකට යන්න. එහෙමත් නැත්නම් කෙළින්ම onlineexams.gov.lk වෙබ් අඩවියට ගිහින් අදාළ වෙනස්කම් ටික කරගන්න පුළුවන්.
ඔන්න අමතක කරන්න එපා, මෙවර 2026 ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වෙනිදා (ඉරිදා) දිවයින පුරා මධ්‍යස්ථාන 2,723කදී පැවැත්වෙන්න ඔක්කොම ලෑස්තියි.
දරුවාගේ විභාග වැඩකටයුතු පාඩුවේ කරගන්න ගමන්, අයදුම්පතේ වැරදි තියෙනවා නම් ඉක්මනින්ම අගෝස්තු 03ට කලින් ඒක හදාගන්න. ශිෂ්‍යත්වෙ ලියන දරුවෝ ඉන්න වෙනත් අම්මලා තාත්තලාටත් දැනගන්න අනිවාර්යයෙන්ම මේ පණිවිඩය Share කරන්න අමතක කරන්න එපා.