ඒ අනුව මෙම මස (23) වනදා සිට අගෝස්තු 03 වනදා දක්වා ඔන්ලයින් (Online) මාර්ගයෙන්ම අදාළ සංශෝධනයන් සිදු කරගැනීමේ හැකියාව පවතින බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
ශිෂ්‍යත්ව විභාගයට අයදුම් කරපු ළමයින්ගේ පැමිණීමේ ලේඛන මේ වෙනකොටත් අදාළ පාසල් මගින් කලාප අධ්‍යාපන කාර්යාල වෙත යොමු කරලයි තියෙන්නේ. ඒ ලේඛනවල සඳහන් ළමයින්ගේ තොරතුරුවල යම් වෙනසක් වෙන්න ඕනේ නම් විතරක් මේ කියන කාලසීමාව ඇතුළත ඒක කරගන්න පුළුවන්.
සංශෝධන කර ගැනීම සඳහා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසෙන්න.
එහි ඇති "අපගේ සේවා" (Our Services) යටතේ "Exam Information Centre" වෙත යන්න.
නැතහොත් සෘජුවම onlineexams.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට අවශ්‍ය සංශෝධන ලේසියෙන්ම සිදු කරගත හැකියි.
මෙවර 2026 ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වන ඉරිදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්වීමට සියලු කටයුතු ලෑස්ති කරලා තියෙනවා.