ඒ ආදරය හරි සුන්දරයි. දර්ශන් තවරාජා, ලංකාවේ බොහෝ දෙනෙක් ආදර කරන මේ කලා තරුව ඔහුගේ ආදරය පටන්ගත්ත හැටි ගැන කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.
දර්ශන්ට එයාගේ ජීවිතයේ මුල්ම ආදරය ලැබෙන්නේ ඉස්කෝලේ පහ වසරේදිලු. ඒත් ඒ ආදරයද, ආකර්ශනයද කියන එක හරියටම කියන්න තේරෙන්නේ නැති වයසක වුණත්, මිශ්‍ර පාසලක අධ්‍යාපනය ලැබූ දර්ශන්ට මේ හැඟීම නම් ජීවිතයේ හැම කාලයකම මතක තියන සුන්දර මතකයක් වෙලා.
ඊට පස්සේ පාසල් කාලයේදි තව තව ප්‍රේම කතාවලට මුල පුරන්න දර්ශන්ට උවමාව තිබුණත් ඒ කතා හැම එකක්ම වගේ අතර මග නතර වෙලා. ඉතින් පාසල් කාලයේ අමතක නොවන ආදර කතා පෙළක මතක ගැන දර්ශන් කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්.