මේ වන විට ඒ මහතාගේ අවසන් කටයුතු සහ දේහය පිළිබඳව තොරතුරු ප්‍රකාශයට පත් කර තිබෙනවා.
අභාවප්‍රාප්ත උපාලි ධර්මදාස මහතාගේ දේහය අද (26) සවස පිටකෝට්ටේ, අධිකාරම් මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසට රැගෙන ඒමට නියමිතයි. ඒ අනුව, එතුමාට ආදරය කරන, හිතවත් කාටත් අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය ලබන බදාදා තෙක් එම නිවසේ තැන්පත් කර තැබෙන බවයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
ඔහුගේ අවසන් කටයුතු ලබන බදාදා (29 වැනිදා) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය වෙනුවෙන් දශක කිහිපයක් පුරා මිල කළ නොහැකි මෙහෙවරක් ඉටු කළ, නවලෝක ව්‍යාපාරික පවුලෙන් පැමිණි ඒ දැවැන්තයාගේ නික්ම යාම, මෙරට ක්‍රිකට් වංශකතාවේ මෙන්ම ව්‍යාපාරික ලෝකයේත් එක් සුවිශේෂී පරිච්ඡේදයක නිමාවක් සනිටුහන් කරනු ඇති. උපාලි ධර්මදාස මහතාණෙනි, ඔබට නිවන් සුව!