මේ විදිහට කතාබහට ලක්වෙලා තියෙන්නේ නිෂිකා සමරතුංග කියන කාන්තාවයි. ඇය තමන්ගේ ඇමරිකානු ජාතික හිටපු සැමියාගෙන් තමන්ගේ කුඩා දරුවන් දෙන්නාව පැහැරගෙන ගිහින් දැන් මාස 3කට වැඩියිලු!
අවුරුදු 5ක් වෙන බ්ලේන් බේයර් (Blaine Baier) සහ අවුරුදු 3ක් වෙන නැතනියෙල් බේයර් (Nathaniel Baier) කියන මේ දරුවන් දෙන්නා හැදී වැඩුණේ ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ ඩෙන්වර් නුවර ඉන්න එයාලගේ තාත්තා, ඒ කියන්නේ 43 හැවිරිදි බෙන් බේයර් ළඟයි. දික්කසාදයෙන් පස්සේ අධිකරණ නියෝගයක් මත මේ දරුවන් දෙන්නා පහුගිය මාර්තු මාසයේදී බ්‍රිතාන්‍යයේ ඉන්න තමන්ගේ අම්මාව (නිෂිකාව) බලන්න ඇවිත් තියෙනවා. හැබැයි කතාව වෙනස් වෙන්නේ එතැනින්!
මාර්තු 29 වැනිදා ගුවන් තොටුපළේදීම දරුවන්ව ආපහු තාත්තාට භාරදෙන්න නියමිතව තිබුණත්, නිෂිකා ඒක නොකර දරුවන් දෙන්නවත් අරගෙන එකපාරටම අතුරුදන් වෙලා.
මේ සිද්ධියේ තියෙන කනගාටුදායකම දේ තමයි මේ දරුවන් දෙන්නාම ඔටිසම් (Autism) තත්ත්වයෙන් පෙළෙන අය වීම. මේ හදිසි වෙනස නිසා එයාලගේ දෛනික වැඩකටයුතු, අධ්‍යාපනය වගේම වෛද්‍ය අවශ්‍යතාත් මඟහැරිලා ගිහින් දරුවන් දැඩි අවදානමකට ලක්වෙලා තියෙනවා කියලා තාත්තා බෙන් බේයර් කියනවා. මේ පැහැරගැනීම මව සැලසුම් සහගතව කරපු එකක් බවත් ඇමරිකානු විනිසුරුවරයා ප්‍රකාශ කරලා තියෙනවා.
දැන් මේ දරුවන් දෙන්නව හොයාගන්න බ්‍රිතාන්‍ය මහාධිකරණය මීඩියාවලටත් අවසර දීලා තියෙනවා. ඒ වගේම JP Morgan Chase, HSBC, Thames Water සහ බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවය (NHS) වගේ ප්‍රධාන ආයතනවලට නියෝග කරලා තියෙනවා නිෂිකාගේ බැංකු සහ අනෙකුත් තොරතුරු හොයලා බලන්න කියලා. ඒ විතරක් නෙවෙයි, ඇමරිකානු අධිකරණයෙනුත් නියෝග කරලා තියෙන්නේ දරුවන්ව වහාම ආරක්ෂක අංශ භාරයට ගන්න කියලයි.
1950 දශකයේ ඇගේ මුත්තණුවන් ගොඩනගපු, ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සමූහයක (සෞඛ්‍ය, බලශක්ති, තොරතුරු තාක්ෂණ, සංචාරක) අධ්‍යක්ෂවරියක්.
කොළඹ හැදී වැඩුණු ඇය යොවුන් වියේදී විලාසිතා නිර්මාණකාරිනියක් ලෙස කටයුතු කර තිබෙනවා.
ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් (UCL) නීතිවේදී උපාධියක් සහ ඩර්හැම් විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධියක් ලබාගත් උගතෙක්.
'Baier Associates' කියන ගෝලීය උපදේශන ආයතනය පටන් අරන්, පසුව 'Jensen Partners' සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරිය විදිහටත් සේවය කර තිබෙනවා.
සල්ලි, බලය, උගත්කම ඔක්කොම තියෙන මේ ලාංකික කත මෙහෙම දෙයක් කළේ ඇයි කියන එක දැන් විදෙස් මාධ්‍ය පුරාම කතාබහට ලක්වෙන උණුසුම්ම මාතෘකාවක් වෙලා අවසන්!
(මුලාශ්‍රය : ද ටෙලිග්‍රාෆ්)