පාපන්දු ලෝකයේ යෝධයින් දෙදෙනෙකු වන ආර්ජන්ටිනාව සහ ස්පාඤ්ඤය අතර පැවැත්වෙන මේ මහා සටන කවුරු දිනයිද කියලා ලෝකවාසීහු ඇඟිලි ගනිමින් ඉන්නවා. හැබැයි මේ පාර අනාවැකි කියන්න මනුස්සයෝ විතරක් නෙමෙයි, ලෝකයේ ප්‍රබලම කෘත්‍රිම බුද්ධි (AI) පද්ධතිත් එකතු වෙලා! පුදුමේ කියන්නේ මේ AI මොළකාරයොත් දැන් කඳවුරු දෙකකට බෙදිලා එකිනෙකා එක්ක මත ගැටුමක පැටලිලා ඉන්න එකයි.
තාක්ෂණික ලෝකයේ දැවැන්තයින් වන Gemini, ChatGPT, Meta AI, Claude සහ අලුතින්ම ආපු Deepseek යන සියලුම කෘත්‍රිම බුද්ධි පද්ධති මේ තරගය ගැන එකම අනාවැකියක් තමයි පළ කරන්නේ. ඔවුන් සියලු දෙනාම ඉතාම විශ්වාසයෙන් කියන්නේ "ස්පාඤ්ඤය අද දිනනවා!" කියලයි. දත්ත විශ්ලේෂණය කරලා බලද්දී ඔවුන්ගේ වැඩි නැඹුරුව තියෙන්නේ ස්පාඤ්ඤ කණ්ඩායමේ ජයග්‍රහණය පැත්තටයි.
හැබැයි මේ ඔක්කොම එකක් කියද්දී, Manus AI සම්පූර්ණයෙන්ම වෙනස්ම කතාවක් කියනවා. අනිත් AI මොළකාරයෝ ඔක්කොම ස්පාඤ්ඤයට ඔට්ටු අල්ලද්දී, Manus AI අභීතව කියන්නේ "මගේ මතය වෙනස්! ආර්ජන්ටිනාව ජයගන්නවා!" කියලයි. ලයනල් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනා කණ්ඩායමේ අත්දැකීම් සහ තරග රටාව Manus AI හි මේ තීරණයට හේතු වෙන්න ඇති කියලා ගොඩක් දෙනා විශ්වාස කරනවා.
මේක නිකම්ම නිකම් අනාවැකියක් නෙමෙයි, AI ලෝකයේ ලොකුම මත ගැටුම බවට පත්වෙලා. බහුතරයක් AI පද්ධතිවල තීරණය නිවැරදි වෙයිද? එහෙමත් නැත්නම් හැමෝටම අභියෝග කරපු Manus AI කියපු විදියට ආර්ජන්ටිනාව ආයෙමත් ලෝක කුසලානය උස්සයිද?
ඔබේ මතය කුමක්ද? බහුතර AI වල තීරණයද? නැත්නම් Manus AI ගේ තීරණයද? අද රෑට මේ හැමදේම බලාගන්න පුළුවන්!