විශේෂයෙන්ම මෑතකදී විකාශය වුණු "පාට කුරුල්ලෝ" ටෙලිනාට්‍යය හරහා ඇය ප්‍රේක්ෂකයන්ගේ හදවත්වලට ගොඩක්ම කිට්ටු වුණා කියලා කිව්වොත් නිවැරදියි. මේ ටෙලිනාට්‍යයේ ඇයගේ තාත්වික රංගනය නිසාම අතිවිශාල ජනප්‍රියත්වයක් දිනාගන්න ඇයට පුළුවන් වුණා.
ඉතින් මේ විදිහට හැමෝගෙම ආදරේ දිනාගත්තු පියුමාලි, පසුගියදා පැවැත්වුණු සුමති සම්මාන උළෙලටත් සහභාගී වෙලා හිටියා. එදා ඇය ඇඳගෙන ආපු ඇඳුම ගැන නම් කතා නොකරම බැහැ. අතිශය සුන්දර, හැමෝගෙම නෙත් සිත් පැහැරගන්න තරමේ ලස්සනම ලස්සන සාරියකින් සැරසිලා තමයි ඇය මේ සම්මාන උළෙලට ඇවිත් හිටියේ. චාම් බව වගේම අලංකාරයත් එකට කැටිවුණු ඒ සාරියෙන් පියුමලිගේ උපන් ලස්සන තවත් වැඩිවෙලා පෙනුණා කියලයි එදා ඇයව දැක්ක හැමෝම වගේ කිව්වේ.
මේ සම්මාන උළෙලේදී ඇය ගත්තු හරිම ලස්සන ෆොටෝස් ටිකක් පසුගියදා තමන්ගේ ෆේස්බුක් ගිණුමටත් එකතු කරලා තියෙනවා අපිට දකින්න ලැබුණා. ඒ ෆොටෝස් ටික අන්තර්ජාලයට දාපු ගමන්ම වගේ සමාජ මාධ්‍ය පුරාම හරි වේගයෙන් කතාබහට ලක්වෙන්න පටන් ගත්තා. ඇගේ ආදරණීය රසික රසිකාවියෝ නම් මේ ෆොටෝස් වලට ලයික්, කමෙන්ට්ස් වලින් කිසිම අඩුවක් කරලා තිබුණේ නැහැ.