දැන් තෙල් ගහන්න ෂෙඩ් ගානේ රස්තියාදු වෙන්න ඕනේ නැහැ, ගෙදර හරකෙක් ඉන්නවා නම් වැඩේ ගොඩ. ඇහුවාම හිනා යයි, හැබැයි මේක තමයි ලෝකේ පෙරළියක් කරන්න යන අලුත්ම හරිත බලශක්ති විප්ලවය. ගොම (ගව අපද්‍රව්‍ය) කියන්නේ දැන් නිකන්ම නිකන් වත්තට දාන පොහොරක් විතරක් නෙවෙයි, ඛනිජ තෙල්වලට දැවැන්ත අභියෝගයක් දෙන වටිනාම "බලශක්ති නිධානයක්"!
ලෝක ප්‍රසිද්ධ 'බ්ලූම්බර්ග්' වෙබ් අඩවිය හොයාගෙන තියෙන විදිහට, සාමාන්‍යයෙන් එක හරකෙක්ගෙන් අවුරුද්දකට ලැබෙන ගොම ටික එකතු කළොත්, ඒකෙන් මෝටර් රථයක් කිලෝමීටර් 5,500කට ආසන්න දුරක් ධාවනය කරන්න පුළුවන් තරම් සීබීජී (CBG) වායුවක් උත්පාදනය කරන්න පුළුවන්ලු. හිතාගන්න පුළුවන්ද ඒකේ තරම?
මේක මහා ලොකු රහසක් නෙවෙයි. මෙතනදී කරන්නේ ගව අපද්‍රව්‍ය ටික එකතු කරලා, නිර්වායු ජීරණය (Anaerobic digestion) කියන ක්‍රියාවලිය හරහා ඒවා ජීව වායුව බවට පත් කරන එකයි. ඊටපස්සේ ඒකෙන් හැදෙන මෙතේන් බහුල වායුව හොඳට පිරිසිදු කරලා ගත්තම, හරියටම වාහනවලට පාවිච්චි කරන ස්වාභාවික වායුව (CNG) වගේම සුපිරියට වැඩ කරන "සම්පීඩිත ජීව වායුව" හැදෙනවා.
ගෙවල්වලටත් කරන්ට් එක: මේ වායුව වාහන දුවවන්න විතරක් නෙවෙයි, ගෙවල්වලට සහ ගම්මානවලට පිරිසිදු බලශක්තිය (විදුලිය) සපයන්නත් පාවිච්චි කරන්න පුළුවන්.
ගොවියන්ට අමතර ආදායමක්: මේ වෙද්දීත් අල්ලපු රට වුණු ඉන්දියාව මේ ක්‍රමය පාවිච්චි කරලා ලොකු වාසි ගන්නවා. කෘෂිකාර්මික අපද්‍රව්‍ය සහ ගොම විකුණලා සල්ලි හොයන්න ගොවීන්ට අලුත්ම ආදායම් මාර්ගයක් මේකෙන් හැදිලා.
රටට ඉතුරුම්: පිටරටින් බොරතෙල් ගේන්න යන අතිවිශාල ධනය ඉතුරු කරගන්න මේක ලොකු හයියක්.
පරිසරයට ආදරෙන්: මේ ක්‍රියාවලිය නිසා හරිතාගාර වායු විමෝචනය ගොඩක් අඩුවෙනවා. ඒ කියන්නේ පරිසරයත් ආරක්ෂා වෙනවා.
ඉතින් ඉදිරි කාලයේදී තෙල් පෝලිම් වෙනුවට, රටටම වැඩදායී වෙන මේ ගොම විප්ලවය ලෝකයම ආක්‍රමණය කරන එක නම් කාටවත්ම නවත්වන්න බැරි වේවි!