ලුණුගම්වෙහෙර, නවනගරය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ මධුසර, මුළු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේම සිටි වයසින් අඩුම නිලධාරියෙකු වූ නිසාම කාගේත් ආදරය, සෙනෙහස දිනාගත්තු හුරුබුහුටි තරුණයෙක්. ඔහුගේ මේ අකල් සමුගැනීමත් සමඟ, "අපේ පොඩි එකාත් අපිව දාලා යන්නම ගියා..." යනුවෙන් හදවත පලායන සංවේදී සටහන් සහ ඡායාරූප සමාජ මාධ්‍ය පුරා පැතිර යමින් පවතිනවා.
ඔහුගේ මේ වියෝව දරාගත නොහැකිව සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන, ඕනෑම සංවේදී මිනිසෙකුගේ හදවත පසාරු කරගෙන යන ඒ කඳුළින් ලියවුණු කවි පෙළ...
"සතියක් හුස්ම අල්ලන් හිටියා මං - ඒ ඇති නේද අම්මේ
පොල්කටු සිදුරෙන් නෑව්වෙ මාව - රිදෙනවට නේද අම්මේ
පොලු පහරවල් වදිද්දි හිසට - මතක් උනා මට ඒක අම්මේ
අයියලා දෙන්නා මැද්දෙ වැඩියෙන්ම - හුරතල් උනේ මං නේද අම්මේ
මං ආවෙ ටික කාලෙකටයි ඉතිං - දැන් යන්න වෙනවා මට අම්මේ
දවස් හතක් අල්ලන් උන්නේ නුඹ මාව - බලන්න එනකම් මගෙ අම්මේ
තියටරේ ඇඳක් උඩ ඉන්නවා දකින්න බැරිවග - දන්නවා මං අම්මේ
සත් දිනක් බෝ සෙවණ යට නුඹ - මට ආයු ඉල්ලා වැන්දා මං දැක්කා අම්මේ
නෑහුනා නෙවෙයි ඒත් මට - යන්නම උනා අම්මේ
හැමෝම කියනවනෙ මං - වීරයෙක් කියලා අම්මේ
ඉතිං ඇයි මේ කඳුලු ඒ වීරයා - නුඹෙ පුංචි පුතා අම්මේ..."