මෙලෙස අවාසනාවන්ත ලෙස රෝහල් ගත කර ඇත්තේ බදුල්ල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවියක්.
පොලිසිය පවසන පරිදි, පසුගිය 8 වැනිදාට මෙම සිසුවියගේ 15 වැනි උපන්දිනය යෙදී තිබී ඇත. එදින සිය උපන්දිනය සැමරීම වෙනුවෙන් ඇය විසින් පාසල වෙත රුපියල් 10 බැගින් වටිනා කුඩා චොකලට් 18ක් රැගෙන විත් තිබේ. කෙසේ වෙතත්, මෙම චොකලට් තොගය දුටු විද්‍යාලයේ විදුහල්පතිවරයා, කිසියම් හේතුවක් මත එම චොකලට් 18ම එක දිගටම දැරියට කවා ඇති බවයි වාර්තා වන්නේ.
මෙම අසාමාන්‍ය සිදුවීමෙන් අනතුරුව දැරිය ක්ෂණිකව දැඩි ලෙස අසනීප වී ඇති අතර, වහාම ඇයව කහටරුප්ප ග්‍රාමීය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ. එහිදී ඇගේ තත්ත්වය නරක අතට හැරීම හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති බව සදහන්.
සිද්ධිය සම්බන්ධයෙන් කහටරුප්ප පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී ඇති අතර, බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන සහ සහකාර පොලිස් අධිකාරි වේහිත දේශප්‍රිය යන උසස් නිලධාරීන්ගේ සෘජු උපදෙස් මත කහටරුප්ප පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පාලිත චන්ද්‍රසේකර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ වන විටත් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
උපන්දිනයක් සැමරීමට ගිය දැරියකට විදුහල්පතිවරයා මෙවැනි අමානුෂික ලෙස චොකලට් කැවීමට හේතුව කුමක්ද යන්න පිළිබඳව ඉදිරි පොලිස් පරීක්ෂණ වලදී හෙළි වීමට නියමිතයි.