නොසිතූ මොහොතක පැමිණි භූමිකම්පාවක් නිසා සාමාන්‍ය මිනිස් ජීවිත තත්පර කිහිපයකින් විනාශවීම ඒ වන විට සංවේදී පුවතක් වුණත් විදෙස් මාධ්‍ය මේ වාර්තා කරන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් කතාවක්.
මෙම ව්‍යයසනයෙන් ඩයානා (Dayana) නමැති මව බරපතල තුවාල ලැබූ අතර ඇයගේ දණහිසක් ද බිඳී ගොස් තිබුණා. දැඩි වේදනාවෙන් සහ ඝන අඳුරේ සුන්බුන් අතර සිරවී සිටියද, තම බිළිඳු පුතුගේ ආරක්ෂාව ගැන පමණක් සිතූ ඇය, දරුවා සනසමින් ජීවත් වීමට දැඩි අධිෂ්ඨානයකින් පසුවීමම ඇත්තෙන්ම විශ්මයක්..
සිද්ධිය වන අවස්ථාවේ නිවසේ නොසිටි දරුවාගේ පියා වන ගර්සන් ටෘජිලෝ (Gerson Trujillo), මෙම පුවත සැලවූ වහාම එම ස්ථානයට දිවවිත් තම පවුල බේරා ගැනීමේ බලාපොරොත්තුවෙන් සුන්බුන් අතර සෙවීම් කටයුතුවලට එක්වුණා.
සෝදිසි කිරීම් අතරතුර, මුදාගැනීමේ කණ්ඩායම් විසින් දරුවා ජීවතුන් අතර සිටින බව සොයා ගත්තා. පසුව ඔවුන් සුන්බුන් අතරින් කුඩා බටයක් ඇතුළු කර දරුවාට ජලය ලබාදීමට කටයුතු කළ අතර, එය දරුවාගේ ජීවිතය රැක ගැනීමට ලැබුණු තීරණාත්මක දායකත්වයක් වුණා.
පැය 30කට වැඩි වෙහෙසකර මෙහෙයුමකින් පසු ඩයානා සහ ඇගේ කුඩා පුතු වන ජුවාන් ඩේවිඩ් (Juan David) නිරුපද්‍රිතව මුදා ගැනීමට සහන සේවකයින් සමත් වුණා.
"මගේ පුතා තමයි මට නොවැටී ඉන්න ශක්තිය දුන්නේ. මම නිතරම හිතුවේ එයා ජීවතුන් අතර ඉන්නකම් මමත් ජීවත් වෙනවා කියලා," යැයි ඩයානා පසුව පැවසුවේ හැඟුම්බරවයි..
මෙහි ඇති පුදුමසහගතම කරුණ නම්, මව බරපතල තුවාල ලබා සිටියද, කුඩා දරුවා කිසිදු සීරීමක් හෝ නොමැතිව නිරුපද්‍රිතව බේරී සිටීමයි. තමන් සුන්බුන් අතරට ඇද වැටෙන විට බයිබලයක් මතට වැටීම නිසා මෙම ප්‍රාතිහාර්යමය ගැලවීම සිදු වූ බව දෙමාපියන් විශ්වාස කරනවා.
මෙම විස්මිත බේරීම, බිඳ වැටුණු ලෝකයක් හමුවේ බලාපොරොත්තුවේ සහ මවකගේ අසීමිත ආදරයේ සදාකාලික සංකේතයක් බඳුයි.