ඒ කතාව වචනවලට විතරක් සීමා නොකර, දෙනෙත් මානයේම සැබෑවක් කරලා පෙන්වපු , ඒ වගේම ආඩම්බරකාරී ඡායාරූපයක් මේ දිනවල මුහුණු පොත පුරා කාගේත් අවධානය දිනාගනිමින් තිබෙනවා.
තාරුණ්‍යයට ආවම මඟ වැරදෙන්න, නාස්ති වෙන්න ඕනෑතරම් ඉඩකඩ සහ නිදහස තිබියදී, ඒ හැමදේම පසෙකලා තමන්ගේ එකම සෙවනැල්ල කරගත්තේ "අධ්‍යාපනය" යි. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු උපාධිය (BSc Eng Hons) විශිෂ්ට ලෙස සමත් වූ චාමර යි.
කළු ලෝගුව ඇඳලා, මල් මාලයක් දාලා, උපාධි සහතිකය අතට ගන්නා ඒ සුන්දරම මොහොතේ ඕනෑම දරුවෙක් මුලින්ම සොයන්නේ තමන්ගේ අම්මාව සහ තාත්තාවයි. නමුත් චාමරගේ දෑත්වල තිබුණේ උපාධි සහතිකය නෙවෙයි; ජීවිතයේ අතරමඟදී තමන්ව තනිකර දමා නොපෙනෙන ලෝකයකට යන්නට ගිය තමන්ගේ ආදරණීය අම්මාගේ සහ තාත්තාගේ නිසල ඡායාරූප රාමු දෙකයි.
ජීවිතේ ලොකුම හයිය, ආදරේ දෙන්න අම්මයි තාත්තයි ළඟ නැති අඩුව චාමරට කොයිතරම් දැනෙන්න ඇත්ද? හිත රිදෙන හැම වෙලාවකම, බඩගිනි වුණු හැම මොහොතකම තනියම හිත හදාගන්න ඔහුට සිද්ධ වෙන්න ඇති. හැඬූ කඳුළින්ම පොත්පත් පාඩම් කරලා, අද ඔහු මේ ලබාගත්තේ මුළු රටක්ම ආදර්ශයට ගතයුතු සැබෑ නිහතමානී ජයග්‍රහණයක්.