රංගන ක්ෂේත්‍රය තුළ ඇය තබපු සලකුණ සදාකාලිකයි.
ඉතින්, අද අපි ඇය ගැන විශේෂයෙන්ම කතා කරන්න හේතුවක් තිබෙනවා. ඒ වෙන මුකුත් නෙවෙයි, පසුගියදා ඇයගේ 70 වෙනි ජන්ම දිනය යෙදී තිබීමයි.
සුවහසක් රසිකයින්ගේ වගේම කලාකරුවන්ගේ ආදරය මැද 70 වෙනි වියට පා තබපු ඇය, තමන්ගේ මේ සුවිශේෂී උපන්දිනය වෙනුවෙන් හරිම අපූරු, ආදරණීය ෆොටෝ ශූට් එකක් කරලා තිබුණා.
පසුගිය දින කිහිපයේ මුහුණු පොත පුරාම දකින්න ලැබුණු මේ සුන්දර පින්තූර එකතුවට රසිකයින්ගෙන් වගේම ක්ෂේත්‍රයේ යාළු මිත්‍රයන්ගෙන් ලැබුණේ ඉහළම ප්‍රතිචාරයක්.
ඔයාලත් බලන්නකෝ කුමාරි මුණසිංහ මහත්මියගේ ඒ ආදරණීය පින්තූර එකතුව කොහොමද කියලා....


