නමුත්, ඒ දහඩිය මහන්සියම අවසානයේ ඔහුගේ මරණ වරෙන්තුව ලියා තබනු ඇතැයි කවුරුන් නම් සිතන්නද? රුවන්වැල්ල, බටුපිටිය ප්‍රදේශයෙන් වාර්තා වන මේ අතිශය ශෝචනීය පුවත ඇසූ කාගේත් නෙතට කඳුළක් උණන්නේ නිරායාසයෙනි. තාරුණ්‍යයේ එළිපත්ත මත හිඳ ජීවිතය දෙස දෑස් දල්වා බලා සිටි 18 හැවිරිදි අහිංසක තරුණයෙක්, තමන් රැකියාව කළ ස්ථානයේදීම විදුලි සැර වැදී අවාසනාවන්ත ලෙස මෙලොව හැර ගොස් තිබෙනවා..
මෙසේ අකාලයේ දිවි සැරිය නිමා කරන්නට සිදුවූයේ ගයාන් උදයංග නම් 18 හැවිරිදි අහිංසක තරුණයාටයි. ඔහු වෙනදා මෙන්ම එදිනද බටුපිටිය ප්‍රදේශයේ පිහිටි වාහන සේවා මධ්‍යස්ථානයට පැමිණියේ තමන්ගේ දෑතේ මහන්සියෙන් කීයක් හෝ උපයාගෙන පවුලට ශක්තියක් වීමේ අරමුණින්...
ව්‍යාපාරික ස්ථානයට පැමිණි ත්‍රිරෝද රථයක් සුපුරුදු පරිදි ජල ප්‍රහාර එල්ල කරමින් සෝදා පිරිසිදු කරමින් සිටි ඒ මොහොත, ඔහුගේ අවසන් මොහොත වනු ඇතැයි ඔහු සිහිනයකින්වත් නොසිතන්නට ඇති. එකපාරටම ක්‍රියාත්මක වූ මරණයේ නිහඬ දෑත මෙන්, එතැන තිබූ ජලයට විදුලිය කාන්දු වී ඇත්තේ නිමේෂයකිනි. ජලය හරහා මුළු සිරුර පුරාම ඇදී ගිය තදබල විදුලි සැර දරාගත නොහැකි වූ තැන, මේ අසරණ ගැටවරයා එතැනම ඇද වැටිලා තියෙනවා...
සිදුවූ විපත දැක එතැන සිටි පිරිස් වහාම ක්‍රියාත්මක වී, සිහිනැතිව වැතිර සිටි ගයාන්ව කරවනැල්ල රෝහල වෙත රැගෙන යන්නට පියවර අරගෙන තියෙනවා..
එහෙත්, දෛවය ඔවුන්ට වඩා වේගවත් විය. රෝහලට ඇතුළත් කරන විටත් ඒ අහිංසක තරුණයා මෙලොව හැරගොස් අවසන් බව වෛද්‍යවරුන් පවසද්දී, එහි සිටි සැමගේ දෑස් කඳුළින් තෙත් විය. කරන්නට බොහෝ දේ ඉතිරිව තිබියදී, බලන්නට සිහින දහසක් තිබියදී ගයාන් සියල්ලන්ගෙන්ම සමුගෙන තිබුණා.