පකිස්ථානයේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම අනතුරින් තවත් පුද්ගලයන් 11 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව එරට බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.
අධිවේගී මාර්ගයක ගමන් කරමින් තිබූ මෙම බස් රථය පාලනය කරගත නොහැකිව ගල් සහිත ප්‍රපාතයකට පෙරළී යාමෙන් මෙම දරුණු අනතුර සිදුව තිබුණා.
අනතුරට පත්වන අවස්ථාවේදී මෙම බස් රථය පකිස්ථානයේ ක්වෙටා (Quetta) නගරයේ සිට පෙෂාවර් (Peshawar) දක්වා ගමන් කරමින් තිබූ බව එරට ආරක්ෂක අංශ තහවුරු කර තිබෙනවා.
දැනට තුවාල ලැබූවන් අසල පිහිටි රෝහල් වෙත ඇතුළත් කර ඇති අතර, අනතුරට හේතුව සෙවීම සඳහා එරට බලධාරීන් විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වෙන්නේ.