සමාජ මාධ්‍ය පුරාම මේ දිනවල වේගයෙන්ම Viral වෙන, ඇඟ හිරිවැටෙන වීඩියෝවක් ගැන ලෝකයේම අවධානය යොමුවෙලා. ඒ තමයි ඕස්ට්‍රේලියාවේ ජීවත් වන සාරා ජේඩ් (Sarah Jade) කියන තරුණියට මුහුණ දෙන්න වුණු අවාසනාවන්ත වගේම බියකරු අත්දැකීම!
සාරා එළිමහනකට වෙලා තමන්ගේ ස්මාර්ට්ෆෝන් එකෙන් සෙල්ෆි වීඩියෝවක් පටිගත කරමින් ඉතාමත් විනෝදයෙන් ඉඳලා තියෙනවා. කිසිම කෙනෙක් නොහිතපු විදිහට එකපාරටම අහසින් ආපු කුඩා පක්ෂියෙක් (Peewee/Magpie-lark වර්ගයේ කුරුල්ලෙක්) තුවක්කුවෙන් පිටවුණු උණ්ඩයක් වගේ වේගයෙන් ඇවිත් සාරාගේ මුහුණේ වැදිලා තියෙනවා!
මොහොතකට සාරාට කරගන්න දෙයක් නැතිව ගොළු වෙලා ගිහින්.
පසුව මේ සිදුවීම පටිගත වුණු වීඩියෝව Slow Motion කරලා බලනකොට තමයි සාරාගේ ඇඟේ ලේ වතුර වෙලා තියෙන්නේ. කුරුල්ලාගේ උල් හොට ඇගේ ඇසට මිලිමීටර ගණනක් ආසන්නයෙන් තමයි වැදිලා තියෙන්නේ!
තව පොඩ්ඩක් එහා මෙහා වුණා නම් සාරාට ඇගේ වටිනා ඇස සදහටම අහිමි වෙන්න ඉඩ තිබුණා කියලා වෛද්‍යවරු පවා පවසනවා. වාසනාවකට මෙන් ඇස දේවාලයෙන් බේරුණත්, මුහුණට හා ඇස අවට ප්‍රදේශයට සුළු තුවාල සිදුවෙලා තියෙනවා.
බොහෝ දෙනෙක් හිතුවේ මේක කුරුල්ලගේ ආක්‍රමණශීලී ප්‍රහාරයක් කියලා. හැබැයි වනජීවී විශේෂඥයන් නම් කියන්නේ ඊට වඩා පුදුම හිතෙන කතාවක්.
කුරුල්ලා වේගයෙන් පියාඹගෙන එනකොට සාරාගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එකේ (Screen) පෙන්නලා තියෙන්නේ කුරුල්ලාගේම ප්‍රතිබිම්බය (Reflection එක). ඒක දැක්කම කුරුල්ලා හිතලා තියෙන්නේ වෙනත් ආක්‍රමණික පක්ෂියෙක් තමන්ගේ ප්‍රදේශය අල්ලගන්න ඇවිත් කියලා! ඉතින් තමන්ගේ භූමිය බේරගන්න සටන් කරන්න ගිහින් තමයි මේ කුරුල්ලා ෆෝන් එකටයි, සාරාගේ මුහුණටයි වේගයෙන් පහර දීලා තියෙන්නේ.
වනසතුන්ගෙන් මෙවැනි අනතුරක් සිදුවූ වහාම, තුවාලය සුළු වුණත් නොසලකා හරින්න එපා කියලා වෛද්‍යවරු අවධාරණය කරනවා. විශේෂයෙන්ම කුරුල්ලන්ගේ හොටවල්වල සහ නියපොතුවල භයානක බැක්ටීරියා තිබිය හැකි නිසා, වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සහ ආසාදන ඇති නොවීමට ප්‍රතිජීවක (Antibiotic) අක්ෂි බිංදු භාවිතා කිරීම අත්‍යවශ්‍යයි.
සොබාදහමත් එක්ක, එළිමහනේ සෙල්ෆි ගහන්න යන අපේ අයටත් මේක ලොකු පාඩමක්!