හෙඩ්ෆෝන් (Headphones) හෝ ඉයර්ෆෝන් (Earphones) පැළඳ සංගීතයට සවන්දෙමින් මාර්ගවල ගමන් කරන පදිකයන්ට එරෙහිව ඉදිරියේදී දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල පවසනවා.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
ඒ ජූලි 06 වැනිදා සිට 10 වැනිදා දක්වා ක්‍රියාත්මක වන 11 වැනි ජාතික අනතුරු වැළැක්වීමේ සතිය නිමිත්තෙන් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
කෙසේ වෙතත්, මේ වනවිට එවැනි පදිකයන්ට අවවාද කිරීම් පමණක් සිදු කළද, ඉදිරියේදී ඔවුන්ට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ඒ ඔහු අවධාරණය කළා.
මෙලෙස හෙඩ්ෆෝන් පැළඳ අවධානයෙන් තොරව මාර්ගවල ගමන් කිරීම හේතුවෙන් පදිකයන් අනතුරුවලට ලක්වීමේ ප්‍රවණතාවක් පවතින බව හඳුනාගෙන තිබෙනවා.