මේ සිදුවීම සම්බන්ධයෙන් 2026.06.30 දින මාලබේ පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් විසින් සැකකරුවන් සොයා විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබුණා.
එහි ප්‍රතිඵලයක් ලෙස, ඊයේ (30) දිනයේදීම පහරදීමට සම්බන්ධ වයස අවුරුදු 16 සහ 17 යන වයස්වල පසුවන, පට්ටියවත්ත පාර කොතලාවල ප්‍රදේශයේ පදිංචි තරුණ සැකකරුවන් 05 දෙනෙකු මාලබේ පොලිසිය විසින් සාර්ථකව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දන්සැලේ බත් කන්න තරුණයෙක් පිළිවෙළකට පෝලිමේ රැඳී සිට ඇති අතර, ඒ වෙලාවේ පෝලිමෙන් පිටත සිට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු නීති විරෝධී ලෙස මොහුට ඉදිරියෙන් පෝලිමට රිංගන්නට උත්සාහ කර තිබෙනවා.
එම අවස්ථාවේදී අදාළ තරුණයා, "පෝලිමේ පිටුපසට ගොස් එකතු වන්න" යැයි ඔවුන්ට දැනුම් දී ඇති අතර, ඉන් කුපිත වූ පිරිස සංවිධානාත්මකව පැමිණ මෙම දරුණු පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් වයස්සකාර සැකකරුවන් 05 දෙනා අද දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
කෙසේ වෙතත්, මෙම නින්දිත සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිපදෙනෙකු සිටින අතර, ඔවුන්වද කඩිනමින් අත්අඩංගුවට ගැනීම සඳහා මාලබේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතිනවා.