ඒ, පුංචිම පුංචි දියණියක් තමන්ගේම යාළුවෙක් වුණු ඉත්තෑ පැටවෙක් එක්ක නිල්පාටින් බැබළෙන කුඹුරු යායක් මැදින් හෙමින් හෙමින් ඇවිදන් යන ඒ ආදරණීය වීඩියෝවයි.
බැලූ බැල්මට අපිට හිතෙන්නේ මේක සුරංගනා කතා ලෝකයකින්, නැත්නම් ‘ඩිස්නි’ සිනමාපටයකින් උපුටා ගත්තු දර්ශනයක් කියලා. ඒ තරමටම ඒ පුංචි දැරියගේ මුහුණේ තියෙන අහිංසක හිනාවත්, කිසිම බය නැතුව ඇය පස්සෙන්ම වැටිලා පියවර තබන ඒ ඉත්තෑ පැටවාගේ බැඳීමත් අපූර්වයි.
සතුන් සහ මිනිසුන් අතර තියෙන්නේ භාෂාවෙන් විස්තර කරන්න බැරි, හදවතින් විතරක්ම තේරුම් ගත යුතු ආදරණීය සන්නිවේදනයක්. කටු පිරුණු ශරීරයක් තිබුණත්, ඒ පුංචි සතාට මේ දියණියගේ හදවතේ තියෙන මහා ආදරය දැනෙන්න ඇති. ඒ නිසයි ඌ ඇයව තමන්ගේම අම්මා, නැත්නම් හොඳම යාළුවා වගේ විශ්වාස කරන්නේ.
මුළු ලෝකයේම මිලියන ගණනකගේ හදවත් සසල කළ, ඇස්වලට සතුටු කඳුළු උනන්නට සමත් වුණු මේ සොඳුරු දසුන රූගත වෙලා තියෙන්නේ අපේ ඓතිහාසික පොළොන්නරුව පුරවරයෙන්.
නගරයේ කොන්ක්‍රීට් වනාන්තරවලට හිරවුණු ලෝකයකට, ගැමි සුවඳයි, පරිසරයේ නිහඬතාවයයි, සත්ව කරුණාවයි එකට මුසු කරලා අපේ රටෙන් දුන්නු මේ පණිවිඩය කොයිතරම් වටිනවාද....