හෝමාගම පොලිස් බල ප්‍රදේශයට අයත් අතුරුගිරිය, මාලසිංහගොඩ ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවසක් වටලා මෙම අධිබලැති සුපිරි යතුරුපැදි 5ක් පොලිස් භාරයට ගෙන ඇති අතර, එහි හිමිකරුද මේ වන විට කුදලාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ලංකාවේ මිලියන ගණන් වටිනා, බයික් ලොලීන්ගේ සිහිනයක් බඳු වූ අත්අඩංගුවට ගත් යතුරුපැදි ලැයිස්තුව දැක්කාම පිස්සු හැදෙනවා. පොලිසිය සඳහන් කරන පරිදි ඒ අතර තිබී ඇත්තේ මේවායි...
BMW වර්ගයට අයත් 1000cc බලයෙන් යුත් යතුරුපැදිි දෙකක්,
සුසුකි වර්ගයට අයත් යතුරුපැදී තුනක් ඒ අතර වේ. එම යතුරුපැදි තුන 1000cc, 600cc සහ 400cc ධාරිතාවයෙන් යුත් ඒවා
පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මෙම සියලුම යතුරුපැදි රේගු බදු පවා වංචා කරමින්, විදේශ රටවලින් හොර රහසේම කොටස් වශයෙන් මෙරටට ආනයනය කර එකලස් කරන ලද ඒවා බවයි...
මේවා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නොමැති අතර, මේවාට කිසිදු අංක තහඩුවක් හෝ නීත්‍යානුකූල ලියකියවිල්ලක් නොමැති බවද පොලිසිය සොයාගෙන තිබෙනවා. රාත්‍රී කාලයේදී පමණක් පාරවල්වල රේස් පැදීමට මේවා යොදාගන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.
අත්අඩංගුවට ගත් සැකකාර හිමිකරු සහ කෝටි ගණනක් වටිනා සුපිරි යතුරුපැදි තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.