ඒ තමයි පසුගිය දවස්වල දිගටම ඉහළ ගිය රන් මිල එකපාරටම පහත වැටෙන්න පටන්ගෙන තිබීම.
හැබැයි මේ මිල අඩු වීමට පිටුපසින් තියෙන්නේ ගල්ෆ් කලාපයේ (මැදපෙරදිග) හටගෙන තියෙන අලුත්ම නොසන්සුන්කාරී දේශපාලන තත්ත්වයයි. මැදපෙරදිග සාම සාකච්ඡා ගැන ආයෝජකයින්ට විශ්වාසයක් නැති වීමත්, කලාපීය ප්‍රශ්න නිසා බොරතෙල් මිල ඉහළ යාමත් එක්ක ලෝක උද්ධමනය ආයෙත් ඉහළ යයි කියලා ලොකු බියක් නිර්මාණය වෙලා තියෙනවා.
මේ උද්ධමන බිය නිසා ලෝක වෙළෙඳපොළේ ක්ෂණික රන් මිල සියයට 0.9 කින් විතර එකපාරටම පහත වැටුණා. ඒ අනුව රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 4,049.90 ක් දක්වා අඩු වී තිබෙනවා.
ඒ වගේම ඉදිරි අගෝස්තු මාසය සඳහා වන රන් මිලත් සියයට 0.8 කින් පහත වැටී ඩොලර් 4,063.50 ක් ලෙසයි සටහන් වෙන්නේ.
සාමාන්‍යයෙන් ලෝකේ උද්ධමනය වැඩි වෙද්දී මිනිස්සු කරන්නේ තමන්ගේ සල්ලි ආරක්ෂා කරගන්න රන් මිලදී ගන්න එකයි. හැබැයි මේ පාර සෙල්ලම වෙනස් වෙලා...
ලෝක උද්ධමනය ඉහළ යාමත් එක්ක අමෙරිකානු ෆෙඩරල් රිසර්ව් බැංකුව විසින් පොලී අනුපාත තවදුරටත් ඉහළ දමාවි කියලා ආයෝජකයින් බලාපොරොත්තු වෙනවා. වෙළෙඳපොළ දත්ත කියන විදියට ෆෙඩරල් බැංකුව මේ අවුරුද්දේ (2026) තවත් තුන් වතාවක් පොලී අනුපාත වැඩි කරන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම එන සැප්තැම්බර් මාසයේදී පොලී අනුපාත වැඩි වීමේ සම්භාවිතාව සියයට 61 ක් වගේ ඉහළ අගයක් ගන්නවා.
බැංකු පොලී අනුපාත ගොඩක් වැඩි වෙද්දී, මිනිස්සු රන් ගන්න එක නතර කරනවා. මොකද රන් ළඟ තියාගත්තා කියලා මාස් පතා ස්ථාවර පොලී ආදායමක් ලැබෙන්නේ නැති නිසා. අන්න ඒ හේතුවෙන් රන් සඳහා තියෙන ඉල්ලුම අඩු වෙලා රන් මිල පහළ බැහැලා තියෙනවා.
ලෝක වෙළෙඳපොළේ රන් මිල මෙහෙම අඩු වෙද්දී ලංකාවේ රන් මිලට මොකද වෙන්නේ කියලා හැමෝම බලාගෙන ඉන්නවා.