සාර්ථක ව්‍යාපාරිකාවක ලෙසත් තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනඟා ගෙන සිටින ඇය, කා අතරත් ඉතාමත් ජනප්‍රිය චරිතයක් බව රහසක් නෙවෙයි.
පියුමි කියන්නේ තමන්ගේ ජීවිතේ සිදුවන හැම විශේෂ අවස්ථාවක්ම, ආදරණීය මතකයන් වගේම සුන්දර ඡායාරූපත් මුහුණු පොත හරහා සිය ප්‍රේක්ෂකයන් එක්ක හුවමාරු කරගන්න කිසිම වෙලාවක අමතක නොකරන කෙනෙක්. ඇය පළකරන සෑම සටහනකටම සහ ඡායාරූපයකටම සමාජ මාධ්‍ය පරිශීලකයින්ගෙන් ලැබෙන්නේ ඉහළම ප්‍රතිචාරයක්.
ඔන්න ඉතින් පියුමි අපේ ඓතිහාසික පූජනීය නගරයක් වන අනුරාධපුරයේ සංචාරයක ගිහිල්ලා. එහිදී ඇය ලබාගත් හරිම ආදරණීය, සරල වගේම නෙත් සිත් ඇදගන්නා සුළු ලස්සන පින්තූර කිහිපයක්ම සිය මුහුණු පොතට එකතු කරලා තිබුණා.
ඔයාලත් බලන්නකෝ මේ ලස්සන හැඩකාර පින්තුර එකතුව කොහොමද කියලා...
