ඒ වෙනිසියුලා රාජ්‍යයට බලපෑ ප්‍රබල භූමිකම්පා ද්විත්වයෙන් මුළු රටම සුනුවිසුනු වී තිබෙන පසුබිමක, ඉන් දින දෙකකට පසු අද දිනයේදීත් රික්ටර් මාපකයේ 4.9 ක විශාලත්වයකින් යුත් තවත් ප්‍රබල පසු කම්පනයක් වාර්තා වීමත් සමඟයි..
මෙම අලුත්ම භූමිකම්පාව වෙනිසියුලාවේ ප්‍රධාන නගර වන කැරකස් සහ මරකායි වෙත ප්‍රබල ලෙස බලපා ඇති අතර, බියෙන් ත්‍රස්ත වූ ජනතාව මරහඬ දෙමින් ගොඩනැගිලිවලින් එළියට පැන දිව යන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
පසුගිය 24 වැනිදා වෙනිසියුලාව සලිත කරමින් රිච්ටර් මාපාංක 7.2 ක සහ 7.5 ක බිහිසුණු විශාලත්වයෙන් යුත් මහා භූමිකම්පා ද්විත්වයක් හටගත් අතර, ඉන් සිදු වූ විනාශය සිතාගත නොහැකි තරම් දරුණුයි. උස් ගොඩනැගිලි, නිවාස පිටින් මහපොළොවට සමතලා වී ගිය මෙම මහා ඛේදවාචකයෙන් මේ වන විට පුද්ගලයින් 920 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 3,360 කට අධික පිරිසක් බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
පස් සහ ගොඩනැගිලි සුන්බුන්වලට යටවී සිටින පිරිස් බේරාගැනීම සඳහා සහන සේවා කණ්ඩායම් දැවැන්ත මෙහෙයුමක නිරතව සිටියද, අඛණ්ඩව සිදුවන මෙම පසු කම්පන හේතුවෙන් මුළු රටම දැඩි භීතියකට පත්ව ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.