ඒත් සමහර පුවත් තියෙනවා හදවතට දරාගන්න බැරි තරම් සංවේදී, ඒ වගේම කාටවත්ම නොකියපු රහස් ජීවිත කතා හැංගිලා තියෙන. මේ කියන්න යන්නෙත් ඒ වගේ ආදරණීය, ඒත් අවසානය අතිශය ශෝකජනක වුණු කතාවක් ගැනයි.
පසුගිය දිනෙක මෙලොව හැරගිය ෂමි වෙනුවෙන් ඇයගේ සමීපතමයෙකු තැබූ සංවේදී සටහනක් සහ ඡායාරූපයක් මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබෙනවා.
ඔවුන් දෙදෙනා හන්තානේ සුන්දර පරිසරයක සිනාසෙමින් සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත මුදාහරිමින් ඔහු පවසා තිබුණේ එය ඔවුන් දෙදෙනා එක්ව ගත් අවසාන ඡායාරූපය බවයි. ලෝකයාට රහසක් වූ, මිත්‍රත්වයට එහා ගිය දැඩි ආදරණීය බැඳීමක් ඔවුන් අතර කාලයක් තිස්සේ තිබී ඇත.
"කවුරුත් නොදන්න මිත්‍රත්වයකට එහා ගිය බැඳීමක් අපි දෙන්නා අතර ටික කාලයක් තිබුණා. මට ඒක ජීවිතේ කවදාවත් අමතක කරන්න බැරි මතකයක්..."
ජීවිතේ සමහර කාලවල් තියෙනවා අපිට ඕනෑම කෙනෙකුට වඩා විශ්වාසවන්ත හදවතක් ළඟින්ම අවශ්‍ය වෙන. ෂමිත් ඇගේ ජීවිතේ කාටවත්ම නොකියපු, රහස්‍යම දේවල් පවා පවසා තිබෙන්නේ ඔහුට පමණක් බවයි මේ සටහනෙන් හෙළි වන්නේ.
"ඒ කාලෙදි ඔයාගෙ ජීවිතේ ගැන කාටවත්ම නොකියපු, මට විතරක් ඔයා කියපු දේවල් තාම අද වගේ මතකයි මට..."
දරුණු රෝගාබාධයකින් හෝ හදිසි අනතුරකින් පසුව ඇය සුවය ලබා නැවත පැමිණෙනු ඇතැයි ඇගේ ආදරණීයයන් මඟ බලා සිටියද, දෛවය ඇයව ඉතා ඉක්මනින් කැඳවාගෙන ගොස් තිබෙනවා. ඇගේ සමුගැනීම ඇයව දන්නා හඳුනන, ඇයට ආදරය කළ සැමටම දරාගත නොහැකි සෝකයක් ඉතිරි කර අවසන්.
"මේ ලෝකෙට කවුරු හරි ආවොත් ආපහු යන්න වෙනවා කියලා අපි දන්නවා. ඒත් මෙච්චර ඉක්මනට ඔයා යයි කියලා හිතුවෙ නෑ.. ඔයා ඉක්මනට හොඳ වෙලා එයි කියලා අපි බලන් හිටියා. නමුත් ඔයා අපි හැමෝවම දාලා ගිහින්...සුබ ගමන් ෂමි... මතු බවයකදි හමුවෙමු.."
ඔහු මුහුණු පොතට එකතු කළ සටහන:
"මේ අපි දෙන්නා හන්තානෙදි ගත්ත අන්තිම photo එක....
කවුරුත් නොදන්න මිත්‍රත්වයකට එහා ගිය බැඳීමක් අපි දෙන්නා අතර ටික කාලයක් තිබුණා. මට ඒක ජීවිතේ කවදාවත් අමතක කරන්න බැරි මතකයක්. ඒකාලෙදි ඔයාගෙ ජීවිතේ ගැන කාටවත්ම නොකියපු මට විතරක් ඔයා කියපු දේවල් තාම අද වගේ මතකයි මට. මේ ලෝකෙට කවුරු හරි ආවොත් ආපහු යන්න වෙනවා කියලා අපි දන්නවා. ඒත් මෙච්චර ඉක්මනට ඔයා යයි කියලා හිතුවෙ නෑ.. ඔයා ඉක්මනට හොඳ වෙලා එයි කියලා අපි බලන් හිටියා. නමුත් ඔයා අපි හැමෝවම දාලා ගිහින්...
සුබ ගමන් ෂමි...
මතු බවයකදි හමුවෙමු.. "