එක එක කාලෙට එන කුණාටු, ස්වභාවික විපත් අපේ ජීවිත එක රැයකින් උඩුයටිකුරු කරලා දාන්න පුළුවන්. හැබැයි වැටුණු හැම වෙලාවකම අඬ අඬා ඉන්නේ නැතුව, හිතේ හයියයි කැපවීමයි තියෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ කියලා ඔප්පු කරපු අපූරු පවුලක් ගැන මුහුණුපොතෙන් අපිට වාර්තා වෙනවා.
පසුගිය දිනවල ඇති වුණු දරුණු කුණාටු සහ අයහපත් කාලගුණය නිසා මේ ආදරණීය පවුලේ මුළු නිවසම පස්වලට යටවෙලා, සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගිහින් තිබුණා. තමන් අවුරුදු ගණනාවක් තිස්සේ දහඩිය මහන්සියෙන් හදාගත්ත කැදැල්ල ඇස් පනාපිටම නැති වෙද්දී ඕනෑම කෙනෙක් මානසිකව වැටෙන එක සාමාන්‍ය දෙයක්. හැබැයි මේ පවුලේ සාමාජිකයන් අනුන්ගෙන් ආධාර ලැබෙනකම් දෑත් දිගු කරගෙන බලා සිටියේ නැහැ.
ඔවුන් හැමෝම එකතු වෙලා, සෑහෙන්න මහන්සි වෙලා, රෑ දවල් නොබලා තමන්ගේ නිවස නැවත හදන්න පටන් ගත්තා. පුදුමය කියන්නේ, පස්වලට යටවෙලා තිබුණු ඒ ගේ ආපහු සුද්ද කරලා, පිළිවෙළක් කරලා, තිබුණටත් වඩා සිය දහස් ගුණයකින් ලස්සන කරලා හදා ගන්න මේ අයට පුළුවන් වෙලා තියෙනවා...
දැන් ඒ නිවස දකිද්දී හිතාගන්නවත් බැහැ දවස් කිහිපයකට කලින් මේක පස් කන්දකට යටවෙලා තිබුණු තැනක් කියලා.
කොච්චර වැටුණත් ආයේ ලස්සනට නැගිටින මේ වගේ මිනිස්සු දැක්කම හිතට දැනෙන්නේ මාරම සතුටක් වගේම ලොකු අභිමානයක්. පොඩි ප්‍රශ්නයක් ආපු ගමන් ජීවිතේ නැති කරගන්න හදන, හැමදේම අතහැරලා දාන අපේ කාලේ තරුණ පරපුරට මේ පවුල කියාදෙන්නේ වචනයෙන් විස්තර කරන්න බැරි තරම් වටිනා ජීවිත පාඩමක්.