හැබැයි ඒ හැමදේම අස්සේ මනුස්සකම තාමත් ඉතිරි වෙලා තියෙනවා කියලා පෙන්වන අපූරු දසුනක් පිළියන්දල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
පසුගිය දවසක රාත්‍රී 10ට විතර පිළියන්දල පොලිස් ස්ථානය අසලින් ගමන් කරපු කෙනෙකුට දකින්න ලැබුණු මේ සංවේදී දසුන මේ වෙනකොට ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලාවල කාගේත් දැඩි අවධානයට ලක්වෙලා තියෙනවා.
සුදු පැහැති මෝටර් රථයකින් ආපු මේ මහත්මයා, වාහනය පාර අයිනෙන් නතර කරලා එහි පසුපස ඩිකිය විවෘත කරලා තියෙනවා. ඔහු එහෙම කළේ කාර් එකේ ප්‍රශ්නයක් හින්දා නෙවෙයි. ඔහු ඩිකියෙන් එළියට අරන් තියෙන්නේ කෑම පාර්සල් වගයක්.
ඒ කෑම පාර්සල් ටික ඔහු අරන් ඇවිත් තිබුණේ පාරේ ඉන්න අසරණ සුනඛයන් වෙනුවෙන්.
මේ මහත්මයා කෑම පාර්සල් දිගහරින කොටම, ඒ අවට හිටපු සුනඛයන් එකා දෙන්නා වලිග වනමින් ඔහු ළඟට එකතු වෙන්න පටන් අරන්. ළඟට ආපු සත්තුන්ට විතරක් නෙවෙයි, ටිකක් ඈතින් හිටපු සත්තුන් ළඟටම ගිහින් කෑම දෙන්න තරම් මේ මහත්මයා කාරුණික වෙලා තියෙනවා.
එතැන සිටි අයෙක් පවසන්නේ සතුන් මේ මහත්මයාට දැක්වූ ලෙන්ගතුකම දැක්කම, ඔහු මේ උතුම් ක්‍රියාව ඊයේ පෙරේදා පටන් ගත්තු එකක් නෙවෙයි, දීර්ඝ කාලයක ඉඳන් කරගෙන යන පුරුද්දක් බව හොඳින්ම පැහැදිලි වන බවයි.
මුහුණු පොත ඇසුරෙන්