ඒ අනුව, උඩවලව ජල සම්පාදන යෝජනා ක්‍රමයේ සිදු කෙරෙන අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද දිනයේ පැය 13ක කාලයක් ජල සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව උඩවලව නගරය සහ RET නගර සීමාව ආශ්‍රිත ප්‍රදේශවලට අද පෙරවරු 9.00 සිට එදින පස්වරු 10.00 දක්වා පැය 13ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු බවයි සඳහන් වන්නේ...
මේ හේතුවෙන් පාරිභෝගික ජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සිය කණගාටුව පළ කර සිටින අතර, පවතින තත්ත්වය මත ජලය ඉතාමත් අරපිරිමැස්මෙන් හා කල්තියා සුරක්ෂිතව තබාගෙන භාවිත කරන ලෙසයි ඔවුන් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ.