ඇය ගැන සත්‍ය අසත්‍ය තොරතුරු රැසක් පසුගිය දිනවල අන්තර්ජාලය පුරා සංසරණය වුණා. මේ අතරින් ඇය මෙලොව හැර ගිය බවට පළ වූ ඇතැම් සටහන් නිසා ඇයට ආදරය කරන බොහෝ දෙනෙක් දැඩි සේ කම්පනයට පත් වුණා.
කෙසේ වෙතත්, මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන මෙම කටකතා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මව්පිය සෙවණේ ලොකු අයියා නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා. ඔහු පවසන්නේ අමාලි තවමත් ජීවතුන් අතර සිටින බවත්, ඇය රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන බවත්ය.
තම නිල ෆේස්බුක් පිටුව ඔස්සේ සටහනක් තබමින් ඔහු ඉතාමත් සංවේදීව සහ දැඩි කනස්සල්ලෙන් යුතුව මෙසේ පවසා සිටිනවා...
"අමාලි නැති වුණේ නෑ... එයා හොස්පිටල් එකේ ඉඳන් මං එන්නේ කොයි වෙලේද කිය කිය බලා බලා ඉන්නේ.
ඒක හින්දා අමාලි නැති වුණා කියලා ෆොටෝ හදලා දාන්න එපා. ඒක මට කියා ගන්න බැරි වේදනාවක්.. මේක මට දැන් ඔළුව එක තැනක තියාගෙන ඉන්න බැරි තරම් මානසික පීඩනයක් වෙලා."
ලයික්ස් සහ වීව්ස් ලබාගැනීමේ පටු අරමුණින් මෙවැනි අසත්‍ය ප්‍රචාරයන් සිදු නොකරන ලෙසත්, රෝගී තත්ත්වයෙන් පසුවන අමාලි වෙනුවෙන් හැකි නම් ප්‍රාර්ථනාවක් පමණක් සිදුකරන ලෙසත් ඔහු සමස්ත ලංකාවාසී සමාජ මාධ්‍ය පරිශීලකයින්ගෙන් ඉල්ලා සිටිනවා.