පසුගිය දවසක විවාහ මංගල්‍යයකට සහභාගී වෙලා ගෙදර ආපු මාධවීටයි, ආදරණීය සැමියාටයි වගේම ගෙදර ඉන්න චූටි පුතාටයි තුන්දෙනාටම එකපාරටම උණ හැදිලා! මේ ගැන මාධවී ඇගේ ෆේස්බුක් ගිණුමේ හරිම සංවේදී සටහනක් එක්කරලා තිබුණා.
"අපිට නම් ඕන දෙයක්.. ඒත් දරුවො අසනීප වෙන එක දරන්නම අමාරුයි!"
අම්මා කෙනෙක්ගේ හිතේ තියෙන වේදනාව මාධවී අකුරු කරලා තිබුණේ අන්න එහෙමයි. උගුර රිදෙන එක, ගඳ සුවඳ නොදැනෙන එක වගේම කට තිත්ත නිසා පොඩිත්තාගේ කෑම රුචිය සම්පූර්ණයෙන්ම නැතිවෙලා ගිහින් කියලයි ඇය කියන්නේ. මේ දවස්වල පැතිරෙන වෛරස් උණත් එක්ක තවත් ගොඩක් දරුවෝ මේ විදිහට ලෙඩින් ඉන්නවා කියන එකත් ඇයට යාළුවන්ගෙන් දැනගන්න ලැබිලා.
දරුවා ඝන ආහාර හපලා කන්නේම නැති නිසා, මාධවී අත්දැකීම් තියෙන යාළුවන්ගෙන් උපදෙස් අරගෙන. ඒ අය කියපු විදිහට කෑම හදලා දුන්නම දරුවා ටිකක් හරි කාලා තියෙනවා. ලෙඩ වෙලා කෑම කන්නේ නැතුව වද දෙන දරුවන්ට දෙන්න පුළුවන් සුපිරි කෑම ජාති ටිකක් අනිත් අම්මලාටත් වැදගත් වෙයි කියලා හිතලා මාධවී ආදරයෙන් ෂෙයාර් කරලා තිබුණේ මේ විදිහටයි:
උණුසුම් සුප් වර්ග
විශේෂ බත් කැඳ- හාල්, කරපිංචා ඉති පිටින්, සූදුරු, සහ උළුහාල් බැදලා හදාගත්තු ගුණදායක බත් කැඳ.
බඩඉරිඟු හාල් කැඳ
චිකන් බත් කැඳ- දරුවාට රස වගේම ශක්තිය ලබා දෙන චිකන් එකතු කරපු බත් කැඳ.
ඔබේ දරුවාත් මේ දවස්වල ලෙඩ වෙලා කෑම කන්නේ නැතුව ඉන්නවා නම්, මාධවී කියන මේ දේවල් ටිකක් ට්‍රයි කරලා බලන්න.ලෙඩ වෙලා ඉන්න මාධවී ඇතුළු ඇගේ ආදරණීය පවුලට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන ගමන්ම, අනිත් අම්මලා වෙනුවෙන් මේ වටිනා අදහස් බෙදාගත්තාට අපිත් ඇයට ස්තූතිවන්ත වෙනවා!

