Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
05
මිනිසත්කම හදවතේ තියාගෙන, ප්‍රසිද්ධිය පස්සේ නොදුවන අපූරු කලාකරුවා උපන්දිනය දවසේ කළ කතාව මෙන්න.

- මිනිසත්කම හදවතේ තියාගෙන, ප්‍රසිද්ධිය පස්සේ නොදුවන අපූරු කලාකරුවා උපන්දිනය දවසේ කළ කතාව මෙන්න.Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

306 Views

 අද දවසේ අපේ විශේෂ උපන්දින කතාබහට සම්බන්ධ වෙන්නේ, තමන්ගේ වෙනස්ම ශෛලියකින් ලාංකීය රසික හදවත් දිනාගත්තු ජනප්‍රිය ගායන ශිල්පී දිනේත් තරංග. 


අද වගේ සුවිශේෂී දවසක ඔහුගේ උපන්දින සැලසුම් වගේම රසිකයන් වෙනුවෙන් සූදානම් කරලා තියෙන සුපිරි සප්‍රයිස් එක ගැන දිනේත් අපිට කිව්වේ මෙන්න මෙහෙම කතාවක්...

සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හිරු ගොසිප් එකෙන්.. අද දවස කොහොමද? මොකද වෙන්නේ..

"අද දවසනම් ඇත්තටම මගේ ජීවිතේ තවත් ගොඩක් සතුටු දවසක්. මොකද උදේ ඉඳන්ම මගේ ආදරණීය පවුලේ අයගෙනුයි, යාළුවන්ගෙනුයි, රසිකයන්ගෙනුයි උපන්දිනයට ලැබෙන සුබ පැතුම් වැස්ස නිමක් නැහැ. ඉතින් අද මුළු දවසම මම වෙන් කරලා තියෙන්නේ මගේ පවුලේ අයත් එක්ක ආදරණීය විදිහට කාලය ගත කරන්නයි.

තව දෙයක්, මම හැමදාමත් උපන්දිනය දවසට හිතට සුවදායී, හොඳ වැඩක් කරන්න ඕනේ කියලා හදවතින්ම හිතන කෙනෙක්. ඉතින් අදත් මගේ හිතට ලොකු සැනසීමක් ලැබෙන විදියේ හොඳ ක්‍රියාවක් කරලා, ඒ සතුටත් එක්ක පවුලේ අය එක්ක නිදහසේ ඉන්නවා."

උපන් දිනය දවසේ පාටියක් එහෙම දාලා කට්ටිය එක්ක සමරනවද?

"අනේ නැහැ. මම උපන්දිනයට සල්ලි නාස්ති කරලා ලොකු පාටි දාන කෙනෙක් නෙවෙයි. මම අද දවසෙත් කිසිම පාටියක් නැතුව, ඒ වෙනුවෙන් වියදම් කරන කාලයයි මුදලයි යොදවලා අසරණ වුණු කෙනෙක්ට උදව් කරන්න තමයි ප්ලෑන් කරලා ඉන්නේ. අද හැන්දෑවට ගෙදර හතර දෙනාත් එක්ක පොඩ්ඩක් එළියට යනවා.

ඒ වගේම මගේ ජීවිතේ හැමදාම මගේ ළඟින් හිටපු, මට ලොකු හයියක් වුණු යාළුවෝ හතර පස් දෙනෙක් එක්ක එකතු වෙලා පොඩි කෑම වේලක් ගන්නත් අමතක කරන්නේ නැහැ. මොකද පවුල වගේම යාළුවොත් මගේ ජීවිතේට ලොකු ශක්තියක්. හැබැයි මගේ ප්‍රධානම දේ තමයි, ලෝකෙට පේන්න පාටි ගන්නවට වැඩිය නිහඬව කාටහරි උදව් කරන එක."

" මම අවුරුදු ගාණක ඉඳන් අසරණ මිනිස්සුන්ට මට පුළුවන් උපරිමයෙන් උදව් කරනවා. හැබැයි මම ඒ කරන කිසිම සමාජ සත්කාරයක ෆොටෝස්, වීඩියෝස් කිසිම තැනක, සෝෂල් මීඩියාවල දාන්නේ නැහැ. මට ඒකෙන් ප්‍රසිද්ධියක් ඕනේ නැහැ. කාටහරි උදව් කරලා හදවතට ලැබෙන ඒ අවංක සතුටම මට හොඳටම ඇති. හැබැයි ඉතින් හැම අවුරුද්දකම මගේ උපන්දිනයට මම කරන 'Birthday Photo Shoot' එක නම් මට පණ වගේ ආදරේ කරන රසිකයන් එක්ක බෙදාගන්න මම කවදාවත් අමතක කරන්නේ නැහැ."

රසිකයන් වෙනුවෙන් ඉදිරියේදී අලුත් ගීත නිර්මාණ කලේ නැද්ද? අලුත් ගීත එන්න තියෙනවද?

"රසිකයන්ට සුපිරි සප්‍රයිස් එකක් තියෙනවා! දැනට අලුත්ම සිංදු හතරක වැඩ සම්පූර්ණයෙන්ම අවසන් කරලා තියෙන්නේ. ඒකෙන් මියුසික් වීඩියෝ දෙකක ෂූටින් පවා ඉවරයි. විශේෂයෙන්ම මේ අතරේ රැප් ගීත දෙකක් තියෙනවා. ඒ කියන්නේ, මගේ රසිකයෝ ගොඩක් ආදරයෙන් වැළඳගත්ත, සිංදුවත් එක්ක රැප් ශෛලියෙන් යන මගේ ''හැදුනද රිදුනද හිත මාගේ'' ස්ටයිල් එකටම කරපු අලුත්ම සිංදු දෙකක්. මේ සිංදු ගොන්නම මට ආදරේ කරන අය වෙනුවෙන් ළඟදීම බාරදෙන්න මම සූදානමින් ඉන්නේ."

ඔබ ගීත ගායනයට අමතරව ව්‍යාපාරික කටයුතු වලත් නියලෙනවා නේද?

"ඔව්, ගායනයට අමතරව මම දැන් සෑහෙන්න ලොකු බිස්නස් වැඩකට අතගහලා තියෙන්නේ. මේ දවස්වල ඒ වැඩ කටයුතුත් ඉතාම සාර්ථකව කරගෙන යනවා. තව මාස දෙකකින් හෝ තුනකින් ඒ හැමදේම සම්පූර්ණ කරගෙන, ඒ ව්‍යාපාරික වැඩපිළිවෙළත් මට ආදරය කරන ජනතාව වෙනුවෙන්ම යොදවන්න තමයි මගේ ලොකුම බලාපොරොත්තුව."

තව ඔබට ගෙදර බිරිඳගෙන් පවුලේ අයගෙන් සප්‍රයිස් එකක් එහෙම හම්බුනේ නැද්ද?

"අයියෝ ලැබුණා! මට හැමදාමත් වගේ රෑ 12 වෙද්දීම මගේ ආදරණීය බිරිඳයි පවුලේ අයයි එකතු වෙලා ලස්සන කේක් එකක් කපලා මාව සප්‍රයිස් කළා. ඒ විතරක් නෙවෙයි, අද උදේ පාන්දරත් එයාලා ආයෙත් කේක් කපලා මට ආදරයෙන් සුබ පැතුවා. ඉතින් මේ වගේ මාව තේරුම් ගත්තු, ආදරණීය පවුලක් මට ලැබීම ගැන මම දෙවියන්ට ස්තූතිවන්ත වෙනවා. ඒ ගොල්ලොත් එක්ක ගත කරන හැම තත්පරයක්ම තමයි මගේ ජීවිතේ උපරිම සතුට."

ඔබගේ සංගීත කටයුතු වලට පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

"ගෙදරින් ලැබෙන්නේ උපරිම, 100%ක සපෝට් එකක්. මගේ පවුලේ අය තමයි මගේ මුළු ලෝකෙම. සාමාන්‍යයෙන් මගේ චූටි දෝණි තමයි මගේ මියුසික් වැඩ පිටුපස ඉන්න ප්‍රධානම කෙනා. මගේ මියුසික් ෂෝවල ගන්න වීඩියෝ කට් කරන එක, සියලුම වීඩියෝ එඩිට් කරන එක වගේම මගේ සෝෂල් මීඩියා සහ ටික්ටොක් වීඩියෝ හදන්නේ එයා තමයි. ඇත්තටම ගෙදර හැමෝම එක වගේ මට දෙන සහයෝගය නිසයි මට මේ ගමන මෙච්චර ශක්තිමත්ව යන්න පුළුවන් වෙලා තියෙන්නේ."

අන්තිම වශයෙන්, කාර්යබහුල වෙලාවෙත් අද වගේ සුවිශේෂී දවසක අපිත් එක්ක එකතු වුණ එකට ගොඩක් ස්තූතියි. ඔබට ආදරේ කරන රසිකයන්ට මොනවද කියන්න තියෙන්නේ?

"අනේ ඒකට මොකද, මගේ උපන්දිනය දවසේ මාව මතක් කරලා මෙච්චර ලස්සනට සුබ පතපු හිරු ගොසිප් කණ්ඩායමටත් මම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.
ඒ වගේම මගේ ජීවිතේ හැම කඩාවැටීමකදීම, හැම සතුටකදීම මගේ ළඟින්ම ඉඳන් මට පණ වගේ ආදරේ කරපු, මාව අද මේ ඉන්න තැනට ඔසවා තබපු මගේ ආදරණීය රසිකයන් හැමෝටමත් මම මගේ හිස නමා ස්තූති කරනවා. ඔයාලා හැමදාම මට දුන්නු ඒ ආදරය තමයි මගේ ලොකුම ශක්තිය. මගේ අලුත් සිංදු ටිකයි, අලුත් බිස්නස් වැඩ කටයුතු ටිකයි ළඟදීම ඔයාලා අතට පත් කරනවා. එතකන් හැමෝම පරිස්සමෙන්, සතුටින් ඉන්න. මම ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි!"

මිනිසත්කම හදවතේ තියාගෙන, තමන් කරන හොඳ වැඩ ලෝකෙට ෂෝ-ඕෆ් නොකර, නිහඬවම මිනිසුන්ගේ හිත් සුවපත් කරන මේ අපූරු කලාකරුවා ඇත්තටම ආදර්ශමත් චරිතයක්. පවුල කියන්නේ තමන්ගේ මුළු ලෝකයම කරගත්, රසිකයන් වෙනුවෙන් හැදුනද රිදුනද ස්ටයිල් එකෙන් ආයෙත් ආගමනයක් වෙන්න ලෑස්ති වන ඔහුගේ අලුත්ම ගීත එකතුව වගේම අලුත් ව්‍යාපාරික කටයුතු සියල්ලම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා Hiru Gossip අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

May be an image of wedding cake and text that says 'AMAAL o AMAALROSH ROSH PHOTOGRAPHY PHoTOO'May be an image of wedding cake and text that says 'AMAALROSH AMAAL ROSH PHOTOORAPHY ESH'May be an image of text that says 'AMAALROSH AMAAL ROSH PHOTOGRAPHY AUEEOA 福 DINESH'May be an image of one or more people, beard and people smilingMay be an image of one or more people, beard, wrist watch and leatherMay be an image of one or more people, beard and people smiling


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top