Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
02
එදා ඔහුගේ මූණ බලලා ගාමිණී ෆොන්සේකා කිව්ව දේ දන්නවාද? ශ්‍රියන්ත මෙන්ඩිස් සමඟ අප කළ විශේෂ කතාබහක්

- එදා ඔහුගේ මූණ බලලා ගාමිණී ෆොන්සේකා කිව්ව දේ දන්නවාද? ශ්‍රියන්ත මෙන්ඩිස් සමඟ අප කළ විශේෂ කතාබහක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

181 Views

දශක පහක්, එසේත් නැතිනම් අඩසියවසක් පුරා ලාංකීය වේදිකාව, ටෙලි තිරය වගේම රිදී තිරය එක ලෙස තමන්ගේ අසමසම රංගන පෞරුෂයෙන් වර්ණවත් කළ ඔහු, මෙරට ප්‍රේක්ෂක හදවත් තුළ නොමැකෙන සලකුණක් තැබූ ප්‍රවීණ රංගන ශිල්පියෙකි. 


එදා "පලිඟු මැණිකේ" ටෙලි නාට්‍යයේ සෙල්ලක්කාර "සුරසේන" හරහා ලාංකීය ප්‍රේක්ෂකයන් වැළඳගත් ඔහු, අදටත් අපේ රටේ සිටින ජ්‍යෙෂ්ඨතම මෙන්ම ආදරණීයම කලාකරුවෙකි.
වසර පනහක ඒ අද්විතීය කලා ජීවිතයේ සැඟවුණු රහස්, වර්තමාන කලාවේ වෙනස්කම් සහ ඔහුගේ ජීවන දර්ශනය පිළිබඳව ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා අප සමඟ විවෘතව අදහස් දැක්වූයේ මෙලෙසිනි.

ශ්‍රියන්ත මෙන්ඩිස් කියන චරිතය ඇත්තටම කොයි වගේ කෙනෙක්ද?

ඇත්තටම මම මානවහිතවාදියෙක්, පරිසර හිතකාමියෙක්. මිනිසුන්ට ළඟින් ඉඳගෙන ගරු කරන, ආදරය කරන, මුළු විශ්වයටම ආදරය කරන කෙනෙක් විදිහටයි මම මාව දකින්නේ.

ඔබේ කලා ජීවිතයේ මේ තරම් දිගු ගමනක් පුරා ඔබව තවමත් ප්‍රේක්ෂකයන්ට සමීප කරවන රහස මොකක්ද?

මෙහෙමයි, මම මේ කලා ක්ෂේත්‍රයට ඇවිත් දැන් වසර 50ක්, ඒ කියන්නේ අඩසියවසක් වෙනවා. ලංකාවේ බිහිවුණු තුන්වැනි ටෙලි නාට්‍යයේ ඉඳලා වර්තමානය දක්වාම මම ටෙලි නාට්‍ය විෂය පථය තුළ ඉන්නවා. 70 දශකයේ මධ්‍යම භාගයේ ඉඳලා අද වෙනකම් වේදිකාවෙත්, 80 දශකයේ මුල් කාලයේ ඉඳලා අද වෙනකම් සිනමාවෙත් මම රැඳී සිටිනවා.

කොහොම වුණත්, විනයගරුකව සහ වේලාවට වැඩ කිරීම, තමන් කරන නිර්මාණයට ආදරය කිරීම, අනෙක් අයට සහ වැඩිහිටියන්ට ගරු කිරීම වගේම භාරගන්නා කාර්යය හරියටම කිරීම තමයි මගේ ප්‍රතිපත්තිය. මෙන්න මේ කියන කාරණා ටික හරියටම කරනවා නම් තවත් අඩසියවසක් වුණත් ක්ෂේත්‍රයේ රැඳෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ ගතිගුණ තමයි මාව ප්‍රේක්ෂකයන්ට තව තවත් සමීප කරවන්නේ.

ඔබ පැවසුවා දැන් කලා ලොවට පියවර තබා අඩසියවසක් වෙනවා කියලා. මේ කාලය තුළ ඔබට අමතක නොවන විශේෂම සිදුවීම මොකක්ද?

මෙහෙමයි, අඩසියවසක් මේ කලා ලෝකයේ රැඳී සිටීමම අමතක නොවන කාරණාවක්. ඒ කියන්නේ මගේ වටේ මම රඟපෑ චරිත 500ක් විතර තියෙනවා. ටෙලි නාට්‍ය සහ සිනමාව එකතු කළාම චරිත හාරසිය ගණනක් තියෙනවා. ඒ හැම චරිතයක්ම මාව වට කරගත්තු ජව සම්පන්න මිනිස්සු වගෙයි මට දැනෙන්නේ. ඒ නිසාම මම මේ ගමනට බයත් නැහැ, කාටවත් ණයත් නැහැ.

අදටත් ඔබට රංගනය කියන්නේ ජීවිකාවක් විතරද? නැත්නම් ආදරණීය බැඳීමක්ද?

නැහැ, අංක එක වෙන්නේ මේක අතිශය ආදරණීය සහ ප්‍රේමණීය චිත්‍රයක්. ලෝකයේ මෙන්න මෙහෙම රස්සාවල් නැහැ. උදේට යනවා, ලස්සන ඇඳුම් පැළඳුම් අඳිනවා, ලස්සන මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මෙච්චර සුන්දර රැකියාවක් ලෝකේ කොහේද තියෙන්නේ?

හැබැයි ඒක ඇතුළේ මූල්‍යමය වටිනාකමකුත් තියෙනවා, නැත්තේම නැහැ. ඒ නිසා මේක "ප්‍රේමණීය ආදරණීය රැකියාවක්". මම ජීවිතේ රැකියාවල් දෙකක් කරපු කෙනෙක්. මම ගුරුවරයෙක් විදිහටත් කටයුතු කළා. සමහරු මගෙන් අහනවා "ගුරුවරයා අභිබවා නළුවා මතු වුණාද?" කියලා. මම හිතන්නේ, ගුරුවරයා නළුවාව අතහැරලා ගියත්, නළුවා කවදාවත් තමා තුළ ඉන්න ගුරුවරයාව අතහැරලා යන්නේ නැහැ කියලා.

ඔබේ කලා ජීවිතය සහ පෞද්ගලික ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරපු විශේෂ චරිතයක් තියෙනවද?

ඔබ ඉතාම හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. ඒකට මම සරල උත්තරයක් දෙන්නම්. "ශ්‍රියන්ත මෙන්ඩිස්" කියන නළුවා ලංකාවට බිහිවෙන්නේ "පලිඟු මැණිකේ" ටෙලි නාට්‍යයෙන්. ඒකේ මම රඟපෑවේ "සුරසේන" කියන චරිතය. ඒක ලංකාවේ තුන්වැනි ටෙලි නාට්‍යය. සුරසේන කියන්නේ සෙල්ලක්කාර, තොප්පියක් දාගත්තු, ඩෙනිමක් ඇඳපු සංකර චරිතයක්.

ඊට වසර ගණනාවකට පස්සෙත් මම විවිධ හැඩයේ චරිත රාශියක් කළා. මම අර මුලින්ම කිව්වා වගේ ඒ හැම චරිතයක්ම මගේ වටේ ඉන්නවා. සමහර චරිතවලට සම්මාන පවා ලැබුණා. ඒ හැම එකක්ම මාත් එක්ක බද්ධ වෙලා, මගේ මේ දුෂ්කර ගමනට ශක්තියක් වුණා.

අතීතයේ රංගන ක්ෂේත්‍රය සහ වර්තමාන ක්ෂේත්‍රය අතර ඔබ දකින වෙනස මොකක්ද?

ඇත්තටම ඔව්, ලොකු වෙනසක් තියෙනවා. මොකද ලෝකය යුගයෙන් යුගයට වෙනස් වෙනවානේ. කාලරාමුවල වෙනස් වීම් එක්ක, ඒ කියන්නේ එදා "කඩවුණු පොරොන්දුව" චිත්‍රපටයේ රඟපෑපු විදිහට නෙවෙයිනේ අපි අද වර්තමාන සිනමාවේ රඟපාන්නේ. දැන් අලුත් රංගන රටාවන් බිහිවෙලා තියෙනවා. ලෝකයේ විවිධ යුගවල රංගන රටාවන් නිර්මාණය කරපු අය ඉන්නවා. ඉතින් එදා රඟපෑපු හැඩයට නෙවෙයි මම අද රඟපාන්නේ.

ඒ කියන්නේ ඒ වෙනස නිසා අතීතයේ තිබුණු සාම්ප්‍රදායික රංගනයට යම් හානියක් වෙලා තියෙනවා කියලද ඔබ හිතන්නේ?

නැහැ නැහැ, ඒක ටිකක් ගැඹුරින් විග්‍රහ කරන්න ඕන ප්‍රශ්නයක්. මොකද අපි හැමෝම අද ජීවත් වෙන්නේ මුදල මුල් වුණු සමාජ, ආර්ථික සහ දේශපාලන වටපිටාවක. අපේ රංගනයේ හැඩය තීරණය වෙන්නෙත් ඒ ආර්ථික රටාව මතයි. ඒ නිසා අද අපිට දකින්න ලැබෙන්නේ හරිම වේගවත්, තරගකාරී රංගනයක්.

ඉස්සර නම් ඕනෑම චරිතයක් වෙනුවෙන් කාලය අරන් වැඩ කරන්න නිදහස තිබුණා. අදත් නිදහස නැත්තේ නැහැ, කෙනෙකුට තර්ක කරන්න පුළුවන් "ඇයි අද නිදහස නැද්ද?" කියලා. නමුත් සමාජීය වශයෙන් ගත්තාම අද මේක ලොකු කර්මාන්තයක් වෙලා. ඉතින් සමහර වෙලාවට අපිට ප්‍රමාණය ඉක්මවා වේගයෙන් වැඩ කරන්න සිද්ධ වෙනවා. අන්න ඒ නිසයි අර මම කියපු වෙනස්කම් ඇතිවෙලා තියෙන්නේ.

වර්තමාන පරපුරේ නළු නිළියන් ගැන ඔබේ අදහස කෙබඳුද?

අති දක්ෂ පිරිසක් ඉන්නවා. නමුත් ඔවුන් තව බොහෝ දේ ඉගෙන ගත යුතුයි කියන එකයි මගේ පෞද්ගලික අදහස. මගේ පළමු චිත්‍රපටයේ රඟපාලා එන ගමන් මගේ ගුරුතුමා වුණු ගාමිණී ෆොන්සේකා මහත්මයා මට මෙන්න මෙහෙම කතාවක් කිව්වා: "ඔබට හොඳ මුහුණක් තියෙනවා, හොඳට හිටියොත් දුර ගමනක් යන්න පුළුවන්" කියලා. ඒ "හොඳට හිටියොත්" කියන වචනය ඇතුළේ හැමදේම තියෙනවා.

ඒ වගේම මම මගේ මුල්ම ගුරුතුමාගෙන් දවසක් ඇහුවා "මට හොඳ නළුවෙක් වෙන්න ඕන, මම මොකද කරන්න ඕන?" කියලා. එතුමා මට දුන්නේ අපූරු උත්තරයක්: "හොඳ නළුවෙක් වෙන්න ඉස්සෙල්ලා, හොඳ මිනිහෙක් වෙයන්" කියලා.

ඔබේ කලා ජීවිතය තුළ ඔබට හමුවුණු අභියෝගාත්මකම චරිතය මොකක්ද?

මම විශ්වාස කරන්නේ මගේ ජීවිතයට ලැබුණු හැම චරිතයක්ම මට අභියෝගයක් කියලා. ඒවා සැහැල්ලුවෙන් එහාට මෙහාට තල්ලු කරන්න පුළුවන් චරිත නෙවෙයි. ඒ හැම චරිතයක් පිටුපසම මගේ විශාල කියවීමක් සහ අධ්‍යයනයක් තියෙනවා. මම හිතනවා ඕනෑම කෙනෙකුට තමන් කරන චරිතය අභියෝගයක් විය යුතුයි කියලා.

ඔබේ කාල වකවානුවේ කලාකරුවන්ට ප්‍රේක්ෂකයන්ගෙන් ඉහළ ආදරයක් ලැබුණා. නමුත් වර්තමානයේ බොහෝ කලාකරුවන්ට ඒ ප්‍රේක්ෂක ආදරය යම් ප්‍රමාණයකින් අඩු වෙලා තියෙනවා වගේ පේනවා. මේකට හේතුව මොකක්ද?

ඇත්තටම ඒකට කෙලින්ම එක උත්තරයක් දෙන්න අමාරුයි. හැම කලාකරුවෙකුටම මිනිස්සු ආදරය කරනවා. පොදුවේ ගත්තාම කලාකරුවා කියන්නේ විශේෂ චරිතයක්නේ. මොකද ප්‍රේක්ෂකාගාරය ආනන්දයෙන් ප්‍රඥාව කරා රැගෙන යන්නේ කලාකරුවායි. ඒක රංගනයෙන් විතරක් නෙවෙයි, විවිධ නිර්මාණ හරහා සිද්ධ වෙනවා.

මම කවදාවත් පැරණි කලාකරුවා, අලුත් කලාකරුවා කියලා වර්ග කරන්න කැමති නැහැ. මම හැම පරම්පරාවකම අය එක්ක වැඩ කරන කෙනෙක්. ඒ නිසා මගේ පෞද්ගලික අදහස තමයි, හැම කලාකරුවෙක්ම කරන්නේ මිනිසුන්ගේ ජීවිත වර්ණවත් කරන එක කියන එක.

වර්තමානය වෙද්දී ඔබ මෙරට අතිශය ජනප්‍රිය චරිතයක්. මේ ජනප්‍රියත්වය නිසා ඔබට අහිමි වුණු දේවල් තියෙනවද?

ඇත්තටම මට කිසිම දෙයක් අහිමි වෙලා නැහැ. මට ජීවිතයේ හැමදේම ලැබුණේ මේ ජනප්‍රියත්වය නිසයි. මගේ ජීවිතය, ප්‍රේක්ෂක ආදරය, ප්‍රසිද්ධිය මේ හැමදේම ලැබුණේ ඒ නිසයි. ඒ ජනප්‍රියත්වය ලැබෙන්නේ තමන් කරන කාර්යය නිවැරදිව කරන නිසයි. ඒ "නිවැරදිකම" තමයි වැදගත්ම දේ. මට දෙන ඕනෑම නිර්මාණයක් උපරිම මැනවින් කිරීම මගේ පුරුද්දක්. මගේ ජීවිතයේ අභියෝග ජය ගන්න මම පාවිච්චි කරන මෙවලම ඒකයි.

අද සමාජයේ ඉන්න තරුණ පරපුරට ඔබට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද?

මම හිතන්නේ අපි ආපු කාල වකවානුවට වඩා අද කලාවට ඇතුළු වෙන්න දොරටු ගොඩක් විවෘතයි. ඉස්සර තිබුණේ වේදිකාවයි සිනමාවයි විතරයි. අද රූපවාහිනිය තියෙනවා, සමාජ මාධ්‍ය තියෙනවා, විවිධ රියැලිටි තරග තියෙනවා. ජීවිතය ජය ගන්න අවශ්‍ය කරන හැම මඟක්ම තියෙනවා. ඉතින් මේ හැම තැනකින්ම තරුණයන්ට ඉදිරියට යන්න පුළුවන්. හැබැයි එතනදිත් අර මගේ ගුරුතුමා කියපු කතාවමයි මට කියන්න තියෙන්නේ: "හොඳට හිටියොත්, හොඳ ගමනක් යන්න පුළුවන්."

සමාජ මාධ්‍ය කියන දේ කලාකරුවෙකුට වාසියක්ද, නැත්නම් අවාසියක්ද?

එතැන වාසියකුත් තියෙනවා, අවාසියකුත් තියෙනවා. ඒක වාසියක් කරගන්නා ආකාරය පිළිබඳව තමන් තුළ අවබෝධයක් තියෙන්න ඕනේ. වර්තමානයේ තමන්ගේ නිර්මාණ ප්‍රේක්ෂකයන් අතරට ඉතා ඉක්මනින් රැගෙන යන්න පුළුවන් ප්‍රබලම මාධ්‍යයක් තමයි සමාජ මාධ්‍ය කියන්නේ. හැබැයි පොඩ්ඩක් හෝ වැරදුණු ගමන්, තමන් ජීවිත කාලයක් තිස්සේ හදාගත්ත නම ඇතුළු හැමදේම විනාශ වෙලා යන්නත් පුළුවන්. ඒ නිසා සමාජ මාධ්‍ය කියන්නේ හරියට "දෙපැත්ත කැපෙන පිහියක්" වගේ දෙයක්.

ඔබට නැවතත් ඔබේ තරුණ වයසට යන්න අවස්ථාවක් ලැබුණොත් සහ එදා වෙච්ච යම් දෙයක් වෙනස් කරන්න අවස්ථාවක් ලැබුණොත් ඔබ මොකක්ද කරන්නේ?

මෙහෙමයි, මම සාමාන්‍යයෙන් ජීවිතයේ බොහෝ දේ සැලසුම් සහගතව කරන කෙනෙක්. මම මුලින්ම කිව්වා මතක ඇතිනේ මම මානවහිතවාදියෙක්, පරිසර හිතකාමියෙක්, මිනිසුන්ට ගරු කරන, මුළු විශ්වයටම ආදරය කරන කෙනෙක් කියලා. මම ඒ හැමදේම කිව්වේ මගේ අතීතයත් එක්කයි. ඉතින් මම නැවත තරුණ කාලයට හැරිලා ගියත්, මගේ අතීතය ගැන මම ගොඩක් සතුටු වෙනවා. මම කිසිවක් වෙනස් කරන්නේ නැහැ. අපි ආපු ඒ දුෂ්කර ගමන තමයි අද අපිට හයියක් වෙලා තියෙන්නේ, ඒ කියන්නේ "අපේ පොත්ත හයියයි".

ඉදිරියේදී එන්න තියෙන අලුත් වැඩකටයුතු මොනවාද?

මේ දිනවල මම වැඩිපුරම සම්බන්ධ වුණේ සිනමාවත් එක්ක. ඉදිරියේදී මම රඟපෑ චිත්‍රපට කිහිපයක්ම තිරගත වීමට නියමිතයි. ඒ වගේම වේදිකා නාට්‍ය කිහිපයකිනුත් ළඟදීම ප්‍රේක්ෂකයන් අතරට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඔබේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මොකක්ද කියන්න තියෙන්නේ?

මම හිතන්නේ ප්‍රේක්ෂකාගාරය තමයි මාව මෙච්චර දුරක් රැගෙන ආවේ. මගේ ජීවිතයේ කටුක, දුෂ්කර කාලවලදී පවා ඔවුන් මාව අත්හැරියේ නැහැ. ඒ නිසා මම මගේ දයාබර ප්‍රේක්ෂකයන්ගෙන් ආදරයෙන් ඉල්ලා සිටින්නේ, පෙර පරිදිම ආදරය පුරවාගෙන මාව ඉදිරි ගමනටත් රැගෙන යන්න කියලායි.

අවසාන වශයෙන්, ඔබේ මුළු ජීවිතයම වචන තුනකින් හඳුන්වන්න කිව්වොත් ඔබ ඒක කරන්නේ කොහොමද?

සුන්දරයි, මිහිරියි, ආදරණීයයි!

තමන්ගේ මුළු ජීවිතයම වචන තුනකට කැටි කරමින් ශ්‍රියන්ත මෙන්ඩිස් නම් ඒ අපූරු මිනිසා අපට කියා දෙන්නේ සැබෑ කලාකරුවෙකු සතු විය යුතු නිහතමානීකමයි. තමන් ආ ගමන් මඟ දෙස හැරී බලා නිහතමානීව සතුටු විය හැකි, තමා තුළ සිටින ගුරුවරයාට වගේම තමන්ව නිර්මාණය කළ ප්‍රේක්ෂකාගාරයට හදවතින්ම ගරු කරන මෙවැනි කලාකරුවන් සැබවින්ම අපේ රටට සම්පතකි.

කලාවේ අඩසියවසක් සලකුණු කළ දයාබර ශ්‍රියන්ත මෙන්ඩිස් මහතාට, තවත් දිගු කලක් ලාංකීය ප්‍රේක්ෂකයන් ආනන්දයෙන් ප්‍රඥාව කරා රැගෙන යන්නට ශක්තිය හා නීරෝගී සුවය ලැබේවායි අප හදවතින්ම ප්‍රාර්ථනා කර සිටිමු.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top