විවාහ වී මාස පහක් වැනි කෙටි කලකින් පසුව, 2012 වසරේ 'මිස් පූනේ' (Miss Pune) කිරුළ දිනූ ප්‍රකට නිරූපණ ශිල්පිණියක සහ රංගන ශිල්පිණියක වන 33 හැවිරිදි ට්විෂා ෂර්මා (Twisha Sharma) බෝපල්හි පිහිටි ඇගේ සැමියාගේ නිවසේදී අබිරහස් ලෙස මියගොස් තිබෙනවා.
කටාරා හිල්ස් ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවසේ ගෙල වැලලාගෙන මියගොස් සිටියදී ට්විෂාගේ සිරුර සොයාගෙන ඇති අතර, මෙය දෑවැදි ප්‍රශ්න මත සිදු වූ ඝාතනයක් හෝ සියදිවි නසාගැනීමට පොළඹවාලීමක් බවට ඇගේ පාර්ශවයෙන් චෝදනා එල්ලවෙනවා.
පවුලේ අයගෙන් බරපතළ චෝදනා ට්විෂා මියයෑමට සුළු මොහොතකට පෙර සිය පවුලේ අය සමඟ දුරකථනයෙන් සම්බන්ධ වී ඇති අතර, එහිදී තමන් මුහුණ දෙන දැඩි මානසික පීඩනය සහ නැන්දම්මාගෙන් හා සැමියාගෙන් එල්ල වන දෑවැදි හිංසන පිළිබඳව විස්තර කර තිබෙනවා. ට්විෂාගේ පවුලේ සාමාජිකයන් පවසන්නේ විවාහයේදී ඉහළ ජීවන මට්ටමක් නඩත්තු කිරීම සඳහා දිගින් දිගටම ඇයට මූල්‍යමය බලපෑම් සහ අපහාස කිරීම් එල්ල වූ බවයි.
එමෙන්ම, සැකකරුවන් ප්‍රදේශයේ බලපෑම් සහගත පුද්ගලයන් වීම නිසා මුල් අදියරේදී පොලිසිය පරීක්ෂණ ප්‍රමාද කළ බවට ද පවුලේ අය චෝදනා කළා. සැකකරුවන් සහ නීතිමය පියවරට්විෂා 2025 දෙසැම්බර් මාසයේදී විවාහ වී සිටියේ බෝපල්හි නීතිඥයෙකු වන සමර්ත් සිං (Samarth Singh) සමඟයි.
ඔහුගේ මව වන ගිරිබාලා සිං (Giribala Singh) විශ්‍රාමික දිස්ත්‍රික් විනිසුරුවරියක්. සිද්ධියෙන් පසු දින 10ක් පුරා ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටි සැමියා වන සමර්ත් සිං, ජබල්පූර්හිදී පොලිස් අත්අඩංගුවට පත් වූ අතර දැනට දින 7ක පොලිස් භාරයේ පසුවෙනවා.
ඔහුගේ නීතිඥ බලපත්‍රය ද ශ්‍රී ලංකා නීතිඥ සංගමයට සමාන ඉන්දීය නීතිඥ කවුන්සිලය (Bar Council of India) මඟින් අත්හිටුවා ඇති අතර, විශ්‍රාමික විනිසුරුවරිය වන නැන්දම්මාට එරෙහිව ද දැඩි විමර්ශන ක්‍රියාත්මක වන අතර, ඇය විසින් නිවසේ CCTV දර්ශන වෙනස් කර සාක්ෂි විනාශ කිරීමට උත්සාහ කළ බවට පවුලේ අය චෝදනා කරනවා.
සමාජමාධ්‍ය ඇසුරෙන්..