හැබැයි, ඒ හැම කතාවක්ම බොරු කරලා, මුළු මහත් සමාජයටම ආදර්ශයක් දෙන, දකිද්දිත් ඇඟ හිරිවැටිලා යන විදියේ අපූරු සිදුවීමක් සමාජ මාධ්‍ය හරහා කරළියට ඇවිත් තිබෙනවා.
උදෑසන කාලයේ පාරේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ නෙත ගැටුණු, පසුව ඇය විසින් මුහුණුපොතට එක් කරපු සංවේදී සටහනක් සහ ඡායාරූපයක් මේ වෙනකොට ලැව්ගින්නක් වගේ Share වෙමින් පවතිනවා.
පසුගිය දිනක උදෑසන 7.00 ට පමණ බස් රථයකින් බැස මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ නෙත ගැටෙන්නේ වෙනස්ම දසුනක්. පාසල් නිල ඇඳුමෙන් සැරසුණු දෙදෙනෙකු පාර අයිනේ අසරණ වී සිටි මිනිසෙකුට උදව් කරන අයුරු ඇය දැක තිබෙනවා.
ඇඳුම් තරමක් කිලිටි වී තිබුණු, වයස අවුරුදු 60 ක පමණ පෙනුමති, විශේෂ අවශ්‍යතා සහිත වියපත් අසරණ මිනිසෙකුගේ ගමනට වාරුවක් වෙමින්, ඔහුව ආරක්ෂිතව කැඳවාගෙන යන්න මේ පාසල් සිසුන් දෙදෙනා ඉදිරිපත් වී තිබෙන්නේ කිසිම පිළිකුලක් හෝ ලැජ්ජාවක් නැතුවයි.
මේ අපූරු දර්ශනය ඇස් දෙකෙන් දැකපු ඇය, තමන්ට දැනුණු සංවේදී හැඟීම මුහුණුපොතේ සටහන් කර තිබුණේ මෙන්න මේ විදියටයි.
"දෑසට ඉනූ කඳුළු රහසේ පිසදා ගෙන ඡායාරූපයක් පමණක් ලබා ගත්තෙමි. රත්තරන් පුතුනි, නුඹ දෙපලගේ තරම් දයා බරිත හදවතක් හිමි කර ගැනීමට මමද උත්සාහ ගනිමි. නුඹලාට යහපතක්ම වේවා! මෙන්න නියම සිංහ පැටවු!"