Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
19
"එදා පාන්දර 1.30ට පමණ සුදුපාට බෝතලයක් අතේ තියාගෙන කපිල මහත්තයා වතුර ෆිල්ටරය ගාව හිටියා" අරවින්දගේ නිවෙසේ සේවකයා සාක්ෂි දෙයි..

- "එදා පාන්දර 1.30ට පමණ සුදුපාට බෝතලයක් අතේ තියාගෙන කපිල මහත්තයා වතුර ෆිල්ටරය ගාව හිටියා" අරවින්දගේ නිවෙසේ සේවකයා සාක්ෂි දෙයි..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

620 Views

ඔහුගේ මරණය ගැන තවමත් බොහෝ දෙනා අතර ඇත්තේ කුතුහලයක්. මේ කියන්න යන්නේ අන්න ඒ සිද්ධියට සම්බන්ධ තවත් එක් කතාවක් ගැනයි.


“මම එදා පාන්දර 1.30ට විතර වොෂ්රූම් යන්න ඕන වෙලා නැගිටලා ආවා. එතකොට මං දැක්කා කුස්සිය පැත්තේ පැන්ට්‍රි කාමරේ පැත්තේ ලයිට් ගොඩක් දාලා තිබ්බා. මං එතන තිබ්බ ජනේලයෙන් ඇතුළට ඔලුව දාලා බැලුවා. මං දැක්කා කපිල මහත්තයා ප්ලාස්ටික් සුදු පාට බෝතලයක් අතේ තියාගෙන ෆිල්ටර් එක ගාව ඉන්නවා. මං ඒ වෙලාවේ දොර ඇරලා සර් මොනවා හරි ඕනෙද කියලා ඇහුවා. කපිල මහත්තයා කිව්වා වතුර ටිකක් ගන්න තමයි මම ආවේ කියලා. මං කිව්වා සර්ගේ කාමරේ ඕල්රෙඩි වතුර තියලා තියෙනවානේ කියලා. ආ එහෙනම් කමක් නෑ කියලා කපිල මහත්තයා නැවත කාමරේට ගියා.” යැයි හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ නිවෙසේ සේවය කරන රාජේන්ද්‍ර කුමාර් සිවකුමාර් පැවසුවා.

ඒ, ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණ සාක්ෂි විභාගය කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ අද (19)‍ පැවැති අවස්ථාවේදියි.

මෙහිදී මෙම සිද්ධියට අදාලව 10 වැනි සාක්ෂිකරු ලෙස අධිකරණය හමුවේ සාක්ෂි ලබා දෙමින් රාජේන්ද්‍ර කුමාර් ශිවකුමාර් එසේ ප්‍රකාශ කළා.

මෙම මරණ පරීක්ෂණයට අදාලව කොළඹ අපරාධ කොට්ඨාසය සාක්ෂි මෙහෙයවනු ලැබුවා.

මරණය සිදුවූ ස්ථානයේ තිබි සොයා ගනු ලැබු නම් සඳහන් නොකරන ලද ඖෂධ පෙති 11 සහ මරණකරුගේ රුධිර සාම්පල් රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් නියෝගයක් ඉල්ලා සිටියා.

ඒ අනුව, අධිකරණයෙන් අදාල නියෝග ලබා දෙනු ලැබුවා.

රාජේන්ද්‍ර කුමාර් සිව කුමාර් වැඩිදුරටත් සාක්ෂි ලබා දෙමින් මෙසේ ප්‍රකාශ කළා.

සාක්ෂිකරු - “අරවින්ද මහතාගේ නිවසේ සිද්ධියක් වුණා. මැයි 6 වැනිදා කපිල මහත්තයා තුනට විතර ඇවිල්ලා කෑම කාලා පහට විතර ගියා. ඒ මහත්තයාගේ නම දැනගත්තේ මං පස්සේ. කෑම රත් කරලා කන්න බොන්න දුන්නා. වෙලාව තුනට දෙකයි තිහට විතර ඇති. ඒ වෙලාවේ මැඩම් හිටියා. සර් ආවේ පහයි තිහට විතර. එච්චරයි දන්නේ යන එන ඒවා මම මොනවත් දන්නේ නෑ.

පොලිසිය - හයවෙනිදා ගියාට පස්සේ කපිල මහත්තයා නැවත ආවද?

සාක්ෂිකරු- හත්වැනි දින නැවතත් ආවා දවල් 12.30ට වගේ. කාත් එක්කද ආවේ කියලා මම දැක්කේ නැහැ. මම අරවින්ද මහත්තයා යටතේ වැඩ කරන කෙනෙක්. මම ඒ වෙලාගේ නිවෙසේ පල්ලෙහා තට්ටුව අස් කරමින් හිටියේ. එයා අපට මොකුත් කිව්වේ නෑ එයාගේ පාඩුවේ තමයි එයා හිටියේ. හවස පහට විතර කිරි කෝපි එකක් නම් මගෙන් ඉල්ලුවා.
පොලිසිය - කපිල මහත්තයා ආපු වෙලාවේ පිටස්තර කවුරු හරි ගෙදරට ආවද?

සාක්ෂිකරු - බාහිර පුද්ගලයෙක් ආවේ නම් නැහැ. මැඩම් සහ එයාගේ පුතයි තමයි හිටියේ. ඒ වෙද්දීත් පළවෙනි තට්ටුවේ තමයි කපිල මහත්තයා හිටියේ. රාත්‍රී ආහාර මොනවත් ගත්තේ නෑ. කෑම ගෙනාවා අපි. හැබැයි ඒ මහත්තයා කෑවේ නෑ. අපේ සර් එක්ක කතා කර කර ඉදලා. රෑ දොළහයි දහය වෙනකොට නිදාගන්න ගියා. අන්තිමේටම මං තේ එකක් දුන්නා. ඒ 12.15 ට වගේ. ඒ වෙලාවෙත් ඒ මහත්තයාව හම්බවෙන කවුරුත් ආවේ නෑ.

පොලිසිය - සාක්ෂිකරු දැක්කද කපිල මහත්තයා නිදාගන්න උඩට යනවා?

සාක්ෂිකරු - ඔව් මං දැක්කා කපිල මහත්තයා පඩිපෙළෙන් උඩට නගිනවා. එච්චරයි මං දැක්කේ. ගරාජ් එකට ඇතුළුවන තැන තමයි මගේ නිදාගන්න කාමරේ තියෙන්නේ. මම දොළහයි දහයට පහළොවට වගේ මං එතනට ගියා නිදාගන්න. ඊට පස්සේ මම වොෂ්රූම් යන්න අවශ්‍ය වෙලා පාන්දර 1.30ට විතර වගේ නැගිටලා ආවා. එතකොට මං දැක්කා ලයිට් ගොඩක් දාලා තිබ්බා කුස්සිය පැත්තේ පැන්ට්‍රි කාමරේ දිහාවේ. මං එතන තිබ්බ ජනේලයෙන් ඇතුළට ඔලුව දාලා බැලුවා. එතකොට මං දැක්කා මේ සර් ප්ලාස්ටික් සුදු පාට බෝතලයක් අතේ තියාගෙන එතන ෆිල්ටර් එක ගාව ඉන්නවා. මං ඒ වෙලාවේ දොර ඇරලා සර් මොනවා හරි ඕනෙද කියලා ඇහුවා.

පොලිසිය - සාක්ෂිකරු, ඒ මේ මහත්තයා කිව්වේ කාටද? කපිල මහත්තයා ද?

සාක්ෂිකරු - ඔව්. කපිල මහත්තයා. ඒ වෙලාවේ කපිල මහත්තයා කිව්වා වතුර ටිකක් ගන්න තමයි මම ආවේ කියලා මං කිව්වත් සර්ගේ කාමරේ ඕල්රෙඩි වතුර තියලා තියෙනවා කියලා. ආ එහෙනම් කමක් නෑ කියලා කපිල මහත්තයා නැවත කාමරේට ගියා. මම දැක්කා පඩි පෙළෙන් යනවා. ඊට පස්සේ මං නැවතත් ලයිට් නිවලා නිදාගන්න ගියා ගියා.”
පොලිසිය - කපිල මහත්තයා නැගිටලා වතුර බොන්න කියලා කුස්සියට ඇවිත් හිටපු වෙලාවේ ගෙට ඇතුළු වන දොර විවෘත කරලා තියෙනවා දැක්කාද?
සාක්ෂිකරු - නැහැ මොකද දොර අරින්නෙ අපි විතරයි. වෙන කවුරුත් අරින්නේ නැහැ. ඒ වගේම වෙනත් කිසිදු පුද්ගලයෙක් ඒ වෙලාවේ නැගිටලා හිටියා කියලා මම දැක්කේ නැහැ.
අධිකරණය - වතුර අරගන්න එද්දි කපිල මහත්තයා මොන ඇඳුම් ඇදගෙනද හිටියේ කියලා ඔබ දැක්කාද?

සාක්ෂිකරු - වතුර ගන්න එද්දිත් ඇදගෙන ගිහින් හිටියේ දවල් ඇදන් හිටපු ඇදුමමයි.

අධිකරණය - කපිල මහත්තයාගේ අතේ තිබූණු බෝතලය අරවින්ද මහත්තයාගේ ගෙදර තිබූණු එකක්ද නැත්නම් කපිල මහත්තයා ගෙනාපු එකක්ද?

සාක්ෂිකරු - ඒ සම්බන්ධයෙන් මම දන්නේ නැහැ.

සිද්ධියට අදාලව සාක්ෂි ලබාදෙමින් කපිල චන්ද්‍රසේන මියගිය ස්ථානයට ගිය පෞද්ගලික රෝහලේ හෙද නිලධාරියා වන කෝසල රත්නජීව සාක්ෂි ලබා දෙමින් මෙසේ ප්‍රකාශ කළා.

“ස්වාමිනී, පේදිරිස් පෙදෙසේ ප්‍රතිචාර නොදක්වන රෝගියෙක් ඉන්නවා ඇවිත් බලන්න පුළුවන්ද කියලා කස්‌ටමර් කේයා එකට 8 වෙනිදා උදේ 7.45 ට විතර කෝල් එකක් ආවා. ඒ ආපු දුරකථන ඇමතුම් අංකයක් ලබා ගත්තා. ඒ රෝගියාගේ තොරතුරු සටහන් කරා. කපිල චන්ද්‍රසේන කියලා තමයි කිව්වේ. අපි හතර දෙනෙක් ගියා රියැදුරුයි, ගිලන් රථ සහායකයි, මමයි වෛද්‍යවරියයි. එම නිවස ගාවට ගියාට පස්සේ අපි ගේට්ටුව ළඟට යද්දි කෙනෙක් ආවා එයා ලෝයර් කෙනෙක් කිව්වා. අපි ඊට පස්සේ නිවස ඇතුළට ගියා. අපිව උඩට එක්කන් ගියා. අසනීප වූ පුද්ගලයා පෙන්නුවා. පළවෙනි තට්ටුවේ ඉන්නවා කියලා තමයි කිව්වේ ලයිට් ඕෆ් කරලා තිබ්බේ. ඇඳ උඩ බෑගයක් තිබ්බා. අපේ රියැදුරා උඩට ආවේ නෑ. මරණකරු කාමරය පැත්තක බිම දණගාගෙන වැටිලා හිටියා. එතන පුටුවක් තිබ්බා. මූණ තිබ්බේ ඒ පුටුව උඩ.

පොලිසිය - තව මොනවද සාක්ෂිකරු ඒ අවස්ථාවේ දැක්කේ?

සාක්ෂිකරු - මම දැක්කා ඒ පුද්ගලයාගේ බෙල්ලේ පටියක් තිබ්බා. ඒ වෙලාවේ අපේ වෛද්‍යවරිය පරීක්ෂා කරලා කිව්වා. මෙයා තවදුරටත් ජීවතුන් අතර නැහැ. කියලා. ඊට පස්සේ අපට විස්තරේ කිව්වා. මං අපේ පාලන අධිකාරිය දැනුවත් කළා. පාලන අධිකාරිය කිව්වා පොලිසිය දැනුවත් කරන්න කියලා. එතකොට වෙලාව උදේ අටයි පහළවට විතර වගේ වුණා.

පොලිසිය - තව මොනවද සාක්ෂිකරු දැක්කේ ?

සාක්ෂිකරු - මං දැක්කා ඇඳුම් බෑග් එක ඇඳ උඩ තිබුණා. රුධිර සීනි මට්ටම පාලනය කරන බෙහෙත් පෙති වගයක් තිබ්බා. හැදුනුම්පත තිබුණා. ඩ්‍රසින් ටේබල් එක උඩ ෆෝන් එකක් තිබ්බා.

පොලිසිය - මෙම සිදුවීමට අදාළව ඔබට අධිකරණයට යමක් කිරීමට තිබේද?

සාක්ෂිකරු - මේ සිද්ධිය සම්බන්ධය රෝහලේ පාලන අධිකාරියට කිව්වා ඊට පස්සේ රෝහලෙන් මට කිව්වා අධිකරණ වෛද්‍යවරයාටත් දැනුම් දෙන්න කියලා. මම ඒ විදිහට ක්‍රියා කළා.

හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ නිවෙසේ සේවිකාවක් වන පරරාජ ජෙලෙස්මිනා යන අය සිද්ධියේ 11 වැනි සාක්ෂිකාරිය ලෙස මෙහිදී සාක්ෂි ලබා දුන්නා.

"ස්වාමිනී, මෙම සිද්ධිය වුණේ අට වෙනිදා උදේ. 7 වෙනිදා හවස 3ට විතර ගේට්ටුවට එළියෙන් තමා මං සර්ව දැක්කේ. වෙලාව 3.15 ට විතර ඔළුවක් විතරයි දැක්කේ. චුට්ටක් තට්ටේ තිබුණා. මං ඇවිල්ලා වොෂ් එකක් දාලා එද්දි මේ සර් සැටියේ වාඩිවෙලා හිටියා. ඒ වෙලාවේ වෙන කවුරුත් හිටියේ නෑ. 4.45ට විතර මං ආවට පස්සේ තමයි අරවින්ද සර් ආවේ.

පොලිසිය - ඒ වෙලාවේ පිටතින් ගෙදරට කවුරුහරි ඇවිත් හිටියා ද?

සාක්ෂිකාරිය - පිටතින් දෙන්නෙක්, තුන්දෙනෙක් ඇවිත් කතා කර කර හිටියා. ඒ කවුරුද කියලා මම දන්නේ නෑ. පැය භාගයක් විතර ආපු කට්ටිය හිටියා. ඒ වෙලාවේ කපිල මහත්තයා උඩ තට්ටුවේ ෆෝන් එක ඔබ ඔබ තමා හිටියේ. මැඩම් මට කතා කරලා රෑ දහයයි හතළිස් පහට විතර කිව්වා, සර්ට කාමරයක් ලෑස්ති කරන්න කියලා. මං ඇඳ අස් කරලා කාමරයක් ලෑස්ති කරලා වතුර‍ ජෝගුවකුයි වීදුරුවකුයි තිබ්බා. ඊට පස්සේ මම නිදාගන්න ගියා.

අධිකරණය - එතකොට පහළ කෑම මේසේ අපේ සරුයි තව සර් කෙනෙකුයි හිටියා කිව්වේ. එයාලා මීට කලින් ඔබ දැකලා නැද්ද?

සාක්ෂිකාරිය - නෑ ස්වාමීනී එයාලා කෑම මේසයට වාඩි වුණ අය

අරවින්ද ද සිල්වාගේ නිවෙසේ සිසීටීවී කැමරා පද්ධතිය සවිකිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආයතනයක ව්‍යාපෘති ප්‍රධානියකු වන තිසංක කමලසිරි මෙම සිද්ධියේ 12 වැනි සාක්ෂිකරු ලෙස සාක්ෂි ලබා දෙනු ලැබුවා.

සාක්ෂිකරු - "ස්වාමිනී, මම අරවින්ද මහතාගේ නිවෙසේ සීසිටීවී පද්ධතිය සම්බන්ධයෙන් තමයි සාක්ෂි ලබා දෙන්නේ. මම අවුරුදු තිස් අටක් තිස්සේ මම මේ රැකියාව කරනවා. අරවින්ද මහතාගේ නිවෙසේ මීට පෙර සිසිටීවී කැමරා හතරයි තිබුණේ. මම කැමරා පහක් දැම්මා. අරවින්ද මහතාගේ ගෙදර අලුත්වැඩියාවකදී මෙම කැමරා පද්ධතියේ සිසිටිවි අලුතෙන් පොයින්ට් දාන්න වුණා. අලුතෙන් පොයින්ට් එකක් දැම්මා බුදු මැදුර ළඟට. අනිත් පොයින්ට් කළින් තිබුණු තැන්වලටම දැම්මා. 2021 අ‍ප්‍රේල් මාසේ තමයි අපට වැඩේ කරන්න කියලා අරවින්ද මහතා කිව්වේ. අපි ඒ වැඩේ කළේ ජුලි මාසේ විතර.

සිසිටීවී එකට ඩි.වි.ආර් සවිකලේ සමන් කියන පුද්ගලයා විසින්. ඔහු මං යටතේ ඉන්න කෙනෙක්. බණ්ඩාර කියලා කෙනෙක් ඉන්නවා. එයා නෙට්වර්ක් ඉන්ජිනියර්. එයත් මේ දත්ත ගබඩා වෙනවද කියලා හොයලා බැලුවා. අපි මේ ඔක්කොම කරාට පස්සේ අරවින්ද මහතාගේ ගෙදර සේවකයෙක් හිටියා ප්‍රසන්න කියලා. ඒ කෙනාට අපි පෙන්නුවා රෙකෝඩින් වෙනවා කියලා.

පොලිසිය - කොපමණ කාල සීමාවකට ද මෙහි දත්ත ගබඩා වෙන්නේ?

සාක්ෂිකරු - මාසයක පමණ කාල සීමාවක් දත්ත ගබඩා වෙනවා.

පොලිසිය - නඩත්තු කිරීමේ ක්‍රමවේදයක් තිබුණාද?

සාක්ෂිකරු - අපි එහෙම දේකට ගිවිසුම් අත්සන් කරලා තිබ්බේ නෑ.

පොලිසිය - එහෙම නොවෙන්න හේතු තියනවාද?

සාක්ෂිකරු - අරවින්ද මහතා කිව්වේ මේක කරල දෙන්න කියලා. ඊට පස්සේ මං ඉතින් සීසීටීවී මාරු කරා. ගිවිසුමක් අත්සන් කළේ නැහැ.

පොලිසිය - සීසීටීවී සවිකරාට පස්සේ වෙන යම් සහායක් ඔවුන් ඔබගෙන් ඉල්ලුවාද?

සාක්ෂිකරු - අවුරුද්දකට විතර පස්සේ කිව්වා සිසිටීවී එකෙන් එලාම් එකක් වදිනවා කියලා. ඊට පස්සේ සමන් කියන කෙනාව මම එතැනට යැව්වා. එයා කිව්වා හාඩ් ඩිස්ක් එක ඩැමේජ් වෙලා කියලා. මට හරියට මතක නෑ. ඊට පස්සේ අපි හාඩ් එකක් දැම්මා.

පොලිසිය - දෙවැනි වතාවට දමන ලද හාඩ් ඩිස්ක් එකේ දත්ත ගබඩා වුණාද?

සාක්ෂිකරු - ඔව් ප්‍රසන්න කියන කෙනාට පෙන්නුවා. ඒ වෙලාවේ දත්ත ගබඩා වුණා. ඊට පස්සේ ආයෙත් නැවත අපෙන් සහාය ඉල්ලුවා. ඒ මොනිටර් එක ඩැමේජ් වෙලා කියලා. ඊට පස්සේ අපි මොනිටර් එකක් දැම්මා. ඒක කළේ මගේ සේවක සමන්. ඒ අවුරුදු දෙකකට විතර පස්සේ.

පොලිසිය - යම්කිසි හේතුවක් නිසාද ඩි.වි.ආර් එකේ දත්ත ගබඩා නොවෙන්නේ. ඒ සම්බන්ධයෙන් ඔබට කරුණු දක්වන්න පුළුවන්ද?

සාක්ෂිකරු - හැකියාවක් නෑ ස්වාමීනි. මොකද මම ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරලා නෑ.

අධිකරණය - අලුතින් සවිකරන ලද සිසිටීවී පොයින්ට් එකත් එක්ක සීසිටීවී කැමරා කීයක් හයි කළාද?

සාක්ෂිකරු- 5යි ස්වාමිනි.

අධිකරණය එම සීසිටීවී පද්ධතියේ දර්ශන ජංගම දුරකථනයෙන් බැලීමට හැකියාව තිබුණාද?

සාක්ෂිකරු - හැකියාවක් තිබුණේ නෑ ස්වාමීනි.

සිද්ධියට අදාලව සාක්ෂිකරුවන් හතර දෙනකුගේ සාක්ෂි මෙහෙයවීම අවසන් වූ අතර වැඩිදුර සාක්ෂි විභාගය ලබන 22 දක්වා කල් තැබුණා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top