Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
08
එකට සේවය කළ සහෝදර සේවකයින් අවසන් වරට රාජකාරි ස්ථානයට ඇවිත්.. ඇසූවන්ගේ හදවත් සංවේදී කළ සිදුවීමේ වෙනස්ම කතා රැසක් හෙළිවෙයි..

- එකට සේවය කළ සහෝදර සේවකයින් අවසන් වරට රාජකාරි ස්ථානයට ඇවිත්.. ඇසූවන්ගේ හදවත් සංවේදී කළ සිදුවීමේ වෙනස්ම කතා රැසක් හෙළිවෙයි..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

592 Views

අද ඔවුන්ගේ නික්මයාමේ කඳුළු කතාව ගැන බොහෝ දෙනා කතා කරන්නේ විශාල සංවේගයකින්.

තමන්ගේ රාජකාරිය නිසි ආකාරව ඉටු කරන්න ගිය මේ නිලධාරීන්ට අවසානයේ සිදුවුණේ ඔවුන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවන්නටයි. 


කොහොම වුණත් මීගමු බන්ධනාගාරයේ සිදුවුණු මේ සංවේදී කාරණාව ගැන මේ වන විට බොහෝ පිරිස් කතා බහ වෙනවා.

මීගමුව බන්ධනාගාර ගැටුමින් ජීවිතක්ෂයට පත්වූ බන්ධනාගාර නිලධාරීන්ගේ දේහයන් අද (08) උදෑසන වැලිකඩ බන්ධනාගාරය වෙත රථ පෙරහරකින් රැගෙන එනු ලැබුවා.

අදාළ නිලධාරීන් වෙත අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව දේහයන් පවුලේ ඥාතීන් වෙත භාරදීමට නියමිතයි.

පසුගිය 6 වැනිදා උදෑසන මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමින් බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

එම ගැටුමෙන් ‍මීගමුව බන්ධනාගාරයේ ජේලර්වරයකු ඇතුළු නියාමකවරුන් හත් දෙනකු ජීවිතක්ෂයට පත්වුණා.

ජේලර් එස්. එච්. එස්. චන්ද්‍රවංශ, නියාමකවරුන් වන එස්. ඩී. එස්. අබේවර්ධන, ඒ. ඩි. තරංග, ටි. එන්. ආර්. තිලකසිරි, බි. එන්. එන්. තරංග, ආර්. පියල් සංජිව සහ ඩී. ඩබ්ලිව්. පුෂ්ප කුමාර එලෙස ජීවිතක්ෂයට පත්වූ නිලධාරීන්.

මෙම ගැටුමෙන් තුවාල ලබා මිගමුව රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන බන්ධනාගාර නිලධාරින් ගණන 12ක්.

ඒ අනුව මේ වන විට මිගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බන්ධනාගාර නිලධාරින් වන්නේ, ඩබ්. පී. සිරිවර්ධන, කේ. එස්. ප්‍රිදර්ශණ, ප්‍රභාත් තාරක, එම්. කේ. රත්නායක, කවීශ, ආර්. ඒ. එස්. පී. රාජපක්ෂ, සචින්ත ගුණවර්ධන, හේරත් තරංග, කේ. බි. ජි. චාමර, අර්. ඒ. කේ. රත්නායක, පි. එම්. ඊ. ඩී. රාජා, එස්. ආර්. විරසිංහ යන අයවලුන්.

මෙම සිද්ධියෙන් කුරුණෑගල , වත්තේගෙදර, කොහිලේගෙදර ලිපිනයේ පදිංචිව සිටි 41 හැවිරිදි ඩිලාන් ශ්‍රී අභයවර්ධන නිලධාරියා ද ජීවිතක්ෂයට පත්වුණා.

ඔහු, නාවික හමුදාවේ වසර දොළහක සේවයෙන් පසුව එයින් නිත්‍යනුකූලව ඉවත්ව බන්ධනාගාර දෙපාර්තමේන්තුවට බැඳී තිබෙනවා.

හෙතෙම බන්ධනාගාර සේවයට එක්වී ලබන අගෝස්තු මාසයට වසර පහක් සම්පූර්ණ වීමට නියමිතව තිබී බවයි ඔහුගේ ඥාතීන් පැවසුවේ.

දරුවන් දෙදෙනෙකුගේ පියෙක් වන ඔහුගේ බිරිඳ ගුරුවරියක ලෙස සේවය කරන අතර, වැඩිමහල් දියණියගේ වයස අවුරුදු 10 ක් සහ බාල පුතුගේ වයස මාස 10 ක්.
ඔහු, ඉගෙනුම ලබා ඇත්තේ කොටිකාවන්ත රාජසිංහ මහා විද්‍යාලයෙන්.

“මගේ පුතා නිවාඩු අරන් අද (07) ගෙදර ඉන්න හිටියේ. අනේ එයාට මෙහෙම දෙයක් වුණා. එයා එනකල් දරුවෝ බලාගෙන ඉන්නවා.” යැයි ඔහුගේ මව වන ඒ. එම්. එස්. දමයන්ති පෙරේරා පැවසුවේ ශෝකයෙන් හඬා වැ‍ටෙමින්.

මෙම සිද්ධියෙන් මරණයට පත්වූ බුලත්සිංහල දෙල්මෑල්ල අඹගහකන්ද පදිංචි දර්ශන තරංග අතුකෝරල (36) බන්ධා පොලිස් නිලධාරියෙක් ලෙස සේවය කර තිබෙනවා.

ඔහු වැලිකඩ බන්ධනාගාරයට අනියුක්තව රාජකාරී කළ අයෙක් වන අතර, මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේදී ඔහු මීගමුව බන්ධනාගාරයට ගොස් තිබෙනවා.

බුලත්සිංහල ජාතික පාසලේ ආදි සිසුවෙකු වන ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂතා දැක්වූ අයෙක්. එසේම මෙම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු සහ සහොදරියක් සිටින අතර, මෙලෙස ජීවිතක්ෂයට පත්වූ තරංග පවුලේ බාලයායි.

මීට වසර තුනකට පමණ පෙර විවාහ පත්ව ඇති ඔහුට දාව වයස මාස හතක කුඩා දියණියක් ද සිටින බවයි වාර්තා වෙන්නේ.

"කතා කළා.. කතා කළා ෆෝන් එක උස්සන්නේ නෑ, අනේ මට කෝල් එකක් තව වෙනකන් දුන්නේ නෑ.." සියල්ලන් අතර මතකය පමණක් ඉතිරි කරමින් මාස 7ක මල් කැකුළත් , පුංචි පවුලත් හැරදා ඔහු සදහටම දෙනෙත් පියාගත් බව ඔහුගේ මව ක‍ීවේ හැඬු කඳුලින්.

මෙම සිද්ධියෙන් මරණයට පත්වූ අනුරාධපුර, රැබෑව, අඹගහවැව, පිහිඹියගොල්ලෑව පදිංචි 42 හැවිරිදි තිලකසිරිගේ නිලක්ෂ රුවන් තිලකසිරි නිලධාරියා ද, නාවික හමුදාවේ සේවය කර වසර 12ක කාලය අවසන් කර එයින් ඉවත් වී බන්ධනාගාර නියාමකවරයෙකු ලෙස සේවයට එක්ව තිබුණා.

පිරිමි සහෝදරයෙකු සහ ගැහැණු සහෝදරියෙකගෙන් සමන්විත පවුලේ දෙවනියා වූයේ ඔහුයි.

මෙම නිලධාරියා වැලිකඩ, අගුණුකොල පැලස්ස, මහර, මඩකලපුව යන බන්ධනාගාරවල වසර 05ට ආසන්න කාලයක් සේවය කරමින් සිට තිබූ බවයි සඳහන් වන්නේ.

ගම්මානයේ මෙන්ම මුළු ප්‍රදේශයේ කා අතරත් ආදරයට පාත්‍ර වූ ඔහු, ඉතාමත් නිහතමානී අයකු බවයි ඔහුගේ පුත්‍රයකු වන ජේ. රංජිත් බණ්ඩාර සඳහන් කළේ.

“එයා හිටියේ වැලිසර. ඊට පස්සේ මේ සිද්ධිය නිසා තමයි එයාට මීගමුවට යවලා තියෙන්නේ. ගෙදර එන්න හිටිය එයාගේ දෛවය තමයි ඒ. අපි අද එයාගේ බොඩි එක දකිනකල් විශ්වාස කළේ නෑ. අපි හිතුවේ අපේ පොඩි මාමා එයි කියලා. එයා වැඩ කළේ මිනිස්සු වෙනුවෙන්. එයාගේ උපන් දිනය තිබුණේ මේ මාසේ. එයාට වයස අවුරුදු 40 ලබන්න තිබුණේ. ඊට කලින් එයා ගියා.”

ඔහුගේ මව, තම පුත්‍රයා ගැන කිව්වේ මෙවන් අදහසක්.

“එයාගේ බාප්පා නැති වුණා. එයා මරණෙට ඇවිත් ගියා. දානෙට ආවේ නෑ. අනේ මගේ රත්තරන් පුතා. එදා උදේ දහයට විතර එයාගේ නෝනාට කතා කරලා තියෙනවා. පස්සේ කතා කරාම ෆෝන් එක ඉස්සුවේ නෑ. ඊට පස්සේ අපි පොලිසියට ගියා ඒක අහන්න. ඊට පස්සේ කකුල තුවාල වුණා කියලා විතරයි කිව්වේ. ඊට පස්සේ අපි කොළඹ යන්න ලැස්ති වුණා. අපේ මල්ලි පොලිසියට යද්දි දිග සුසුමක් හෙළුවා. මට ඒක අමුත්තක් වගේ දැනුණා. ඊට පස්සේ එයාලා කොළඹ ගියා. ඊට පස්සේ තමයි අපි දන්නේ.”

මෙම ගැටුමෙන් මරණයට පත්වූ තවත් නියාමකවරයෙක් වූයේ රාජපක්ෂ පතිරණගේ රොෂාන් සංජීව නිලධාරියායි.

අංක 229/B, දියගැල්ම මුගුරුගම්පල, මීරිගම පදිංචි ඔහුට වයස අවුරුදු 45ක්. ඔහු, දරුවන් දෙදෙනෙකුගේ පියෙක්.

ඔහු, කොළඹ බන්ධනාගාරයේ සිට හදිසි රාජකාරිය ආවරණය මත 06 වැනිදා දහවල් දෙකට පමණ මීගමුව බන්ධනාගාරය වෙත ගොස් තිබූ බවයි ඔහුගේ නිවැසියන් සඳහන් කළේ. ඔහුගේ අවසන් කටයුතු මුගුරුගම්පල සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

මෙම සිද්ධියෙන් තුවාල ලැබූ සම්පූර්ණ ගණන 85ක්. ඒ අතර, පොලිස් නිලධාරින් තිදෙනෙක්, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් හය දෙනෙක් මෙන්ම රැඳවියන් 59 දෙනෙක් වෙයි. මෙම සිද්ධියෙන් බන්ධනාගාර නිලධාරීන් හත් දෙනා ඇතුළුව 27 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top