මේ අතර ඇය වෙනුවෙන් පරිසර අමාත්‍යාංශය සිය සමාජ මාධ්‍ය ගිණුමට එක් කළ අතිශය දුර්ලභ, සංවේදී මතකයක් මේ වනවිට සමාජ මාධ්‍යයේ කාගෙත් දැඩි අවධානයට ලක්වෙලා තියෙනවා.
ඒ තමයි මීට වසර ගණනාවකට පෙර, එනම් 2004 වසරේදී කොළඹ විහාරමහා දේවී උද්‍යානයේදී ශ්‍රී ලංකා උඩවැඩියා සංගමය විසින් දෙමුහුන් කර නිර්මාණය කරන ලද උඩවැඩියා මලක් මේ මහා ගායන ශිල්පිනියට උපහාරයක් ලෙස 'නන්දා මාලනී ඇස්කොසන්ඩා' නමින් නම් කර තිබූ ආකාරයයි. ඇගේ ඒ අමරණීය නාමය කලාවෙන් ඔබ්බට ගොස් සොබාදම් මාතාවගේ තුරුලේ ද සදාතනිකව රැඳී ඇති බව එම සටහනින් සිහිපත් කර තිබුණා.
එම සංවේදී නිවේදනයේ මෙසේද සඳහන් වනවා....
"ගී හඬක් නිහඬ විය හැකි නමුත් ඒ හඬින් දල්වන ලද හෘද සාක්ෂිය කිසිදා නිහඬ කළ නොහැක. මලක් පරවී බිම වැටුණද එය සොබාදහමට එක් කළ සුවඳ කිසිදා මැකී නොයනු ඇත..."
අප්‍රමාණ කලා සේවයක් කරමින් දේශයේ කලා කෙත අස්වැද්දූ ආචාර්ය නන්දා මාලිනියන්ගේ ගීතාවලිය දැයේ පරපුරෙන් පරපුරට සදා නොමියෙන සුවඳක් වනු ඇති බවත්, ඇය දැයෙන් සමුගත්තද සොබා තුරුලේ ඇගේ නාමය සදා මල්වරව පවතිනු ඇති බවත් පරිසර අමාත්‍යාංශය සංවේදීව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.