ඉතින් මේ කොයි කවුරුත් ආදරය කරන ගයාන්ගේ උපන්දිනය ඉකුත් දා යෙදී තිබුණා.
උපන්දිනය වෙනුවෙන් ලැබුණු ආදරණීය සුබ පැතුම් සහ සප්‍රයිස් වෙනුවෙන් ගයාන් තමන්ගේ ෆේස්බුක් ගිණුමට ලස්සන පින්තූර කිහිපයක් එකතු කරමින් ඉතාමත් ආදරණීය සටහනක් තබන්නට අමතක කළේ නැහැ.
ගයාන් තැබූ එම සටහන මෙන්න..
"ඔයාලගේ ආදරේ තමයි මගේ ලොකුම හයිය… මට ජීවිතේ හම්බුණු ලොකුම තෑග්ගත් ඒ ආදරේමයි.
මගේ උපන්දිනය වෙනුවෙන් ගලාගෙන ආපු ලස්සන සුබ පැතුම්, ආදරණීය පණිවිඩ, සුන්දර වචන, වටිනා තෑගි සහ රසවත් උපන්දින කේක් එක වෙනුවෙන් ඔබ හැමෝටම මගේ හදවතින්ම ස්තූතියි.
ඔයාලා කළ පුංචිම පුංචි දෙයක් පවා මගේ හිතට ගොඩක් දැනුණා. ඒ හැම ආදරණීය මතකයක්ම මගේ උපන්දිනය තවත් විශේෂ සහ අමතක නොවන දවසක් කළා.
මාව මෙතරම් ආදරයෙන්, සෙනෙහසින් සහ වාසනාවන්ත කෙනෙක් විදිහට දැනෙන්න සැලැස්වූ ඔබ හැමෝටම ගොඩක් ස්තූතියි. ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි... මගේ හදවතින්ම ස්තූතියි..."
