අනතුර සිදුවූ වහාම ක්‍රියාත්මක වූ සහන සේවා කණ්ඩායම් විසින් අදාළ ඩෝරා යාත්‍රාවේ සිටි 11 දෙනෙකු මේ වන විටත් සාර්ථකව මුදාගෙන ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
මේ අතර, සිද්ධියට අදාළ සෙවීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් වේගවත් කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් බෙල් 412 (Bell 412) වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ද අඟුලාන මුහුදු තීරය වෙත යොදවා ඇති බව වාර්තා වනවා.
අනතුරට හේතුව සහ ඉදිරි පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් නාවික හමුදාව විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා...