ඒ, හැටන් - කුයිල්වත්ත ප්‍රදේශයෙන් පස් කන්දක් ප්‍රධාන මාර්ගයට කඩා වැටීම හේතුවෙන්. මෙම හදිසි පස් කන්ද කඩා වැටීමත් සමඟ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වූ අතර, බලධාරීන් විසින් මාර්ගය තාවකාලිකව වසා දැමීමටයි පියවර ගත්තේ.
කෙසේ වෙතත්, සිදුවීමත් සමඟ වහාම ක්‍රියාත්මක වූ නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සහ හැටන් පොලිසිය එක්ව මාර්ගයට කඩා වැටී තිබූ පස් සහ සුන්බුන් ඉවත් කිරීමට කඩිනමින් කටයුතු කර තිබෙනවා.
ඒ අනුව, මාර්ගයේ පැවැති බාධා සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමෙන් අනතුරුව හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය මේ වන විට යළිත් ගමනාගමන කටයුතු සඳහා සාමාන්‍ය පරිදි විවෘත කර ඇති බවයි වාර්තා වන්නේ.
එබැවින් මෙම මාර්ගය භාවිත කරන රියදුරන්ට සහ මගීන්ට දැන් බාධාවකින් තොරව සිය ගමන් බිමන් සපයා ගැනීමට හැකියාව පවතිනවා.