නැගෙනහිර පළාතේ පාසල්වල පළමු වසරේ දමිළ මාධ්‍යයේ ඉගෙනගන්න අහිංසක දරුවන් වෙනුවෙන් වෙන් කරපු, රුපියල් ලක්ෂ 8ක් විතර වටිනා පෙළපොත් සහ ක්‍රියාකාරකම් පොත් තොගයක් බෙදා හැරීමේ මධ්‍යස්ථානවලට දෙන්නේ නැතුව, කිලෝ බරට බෝතල් පත්තරකාරයෙකුට විකුණා දමපු ලොරි රියදුරෙකු තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා...
අත්අඩංගුවට ගත් 31 හැවිරිදි සැකකාර රියදුරාගෙන් පොලිසිය ප්‍රශ්න කරද්දී හෙළිවුණු තොරතුරු හදවත නතරවෙන තරම්. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් නැගෙනහිර පළාතේ මධ්‍යස්ථාන 12කට බෙදන්න කියලා 2026 මැයි 24 වෙනිදා බියගම, සියඹලාපේ ආයතනයකට බාරදුන්න පොත් 19,892ක් තමයි මේ හොරෙන් අරන් ගිහින් තියෙන්නේ.
පොත් ටික කෙළින්ම දොම්පේ තියෙන තමන්ගේ ගෙදරට අරන් ගිහින් ගබඩා කරගෙන ඉඳලා, පස්සේ දවසක පරණ පත්තර එකතු කරන්න ආපු ලොරියකට කිලෝග්‍රෑම් 1,600ක බරට විකුණලා ලබාගෙන තියෙන්නේ රුපියල් 47,000ක මුදලක්...
මේ තරම් ලොකු පොත් තොගයක් මධ්‍යස්ථානවලට ලැබුණේ නැති නිසා සිදුකළ පරීක්ෂණවලදී තමයි තලංගම පොලිසිය පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළේ.
වඩාත්ම කණගාටුදායකම දේ කියන්නේ, මේ පොත් මිලදී ගත්තු පුද්ගලයා ඒවා පෑලියගොඩ පිහිටි පරණ කඩදාසි අඹරන ආයතනයකට විකුණලා..පොලිසිය එතැනට ගිහින් බලද්දී අනාවරණය වෙලා තියෙන්නේ, ඒ අහිංසක දරුවන්ගේ පොත් ටික අඹරලා දින කිහිපයකට පස්සේ ඉන්දියාවටත් අපනයනය කරලා ඉවරයි කියන එකයි...
සල්ලි තණ්හාව වෙනුවෙන් අහිංසක දරුවන්ගේ අධ්‍යාපනය බිල්ලට දීපු මේ 31 හැවිරිදි සැකකාර රියදුරාව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.