තමන්ගේ ආදරණීය පුංචි නංගිව අතුරුදහන් වෙලා දවස් 9ක් පුරාම මුළු පවුලම හඬා වැටෙද්දී, අවසානයේ ඒ අහිංසක නංගිගේ මළ සිරුර හම්බවෙන්නේ වෙන කවදාවත් නෙමෙයි... ඇගේම ලොකු අක්කාගේ උපන්දිනේ දවසේ..
හිතන්න... තමන් උපන් දිනය සමරන්න ඕන දවසේ, තමන් පණටත් වඩා ආදරේ කරපු පුංචි නංගිගේ නිසල සිරුර දිහා බලලා අඬන්න සිද්ධ වුණු ඒ අක්කාගේ හිතට දැනුණු වේදනාව වචනවලින් විස්තර කරන්න පුළුවන්ද?
ආයේ කවදාවත් එන කිසිම උපන්දිනෙක ඇයට සතුටින් ඉන්න පුළුවන් වෙයිද? ඒ අමිහිරි, අතිශය වේදනාකාරී මතකය ජීවිත කාලය පුරාම ඇගේ හදවතට වද දෙන එක නතර කරන්න කාටවත්ම බැහැ...
සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක් ඇසුරෙන්