ටික්ටොක් සහ යූටියුබ් එක්ක තියෙන තරඟයෙන් අංක එකට එන්න, ෆේස්බුක් ආයතනය පසුගිය බදාදා 'Creator Studio' නමින් AI බලයෙන් ක්‍රියාත්මක වෙන අලුත්ම ස්වාධීන යෙදුමක් එළිදක්වන්න සූදානම් වන බව නිවේදනය කළා.
මේක නිකන්ම නිකන් ඇප් එකක් නෙමෙයි, Content Creators ලාගේ පේජ් එක සහ Audience එක වෙනදාටත් වඩා වර්ධනය කරගන්න පුළුවන් සුපිරිම මෙවලමක්.
ඇප් එක ඇතුලෙන්ම එන මේ AI සහායකයා ඔයාගේ පෝස්ට්වල Performance එක, ප්‍රේක්ෂකයින්ගේ කැමැත්ත සහ ඔයාගේ Target එක බලලා එක එක උපදෙස් ලබා දෙනවා.
වෙනදා වගේ Analytics Graphs බල බල ඔලුව හදාගන්න ඕනේ නෑ. "මම පෝස්ට් එකක් දාන්න ඕනේ කීයටද?", "මගේ කමෙන්ට්ස්වල අය මොනවද කියන්නේ?" කියලා AI එකෙන් ඇහුව ගමන් ක්ෂණික පිළිතුරු ලැබෙනවා.
අන්තර්ගතයන් විශ්ලේෂණය කරන්න 3rd party AI ඇප්ස් පස්සේ යන එක නතර කරන්නයි ෆේස්බුක් ලොක්කන්ට ඕනේ වෙලා තියෙන්නේ.
වැඩියෙන්ම වටින කමෙන්ට්ස් උඩට අරන්, ඔයා කතා කරන ස්ටයිල් එකෙන්ම පිළිතුරු Auto-Draft කරලා දෙන්නත් මේ AI එකට පුළුවන්. ඔයාට තියෙන්නේ Edit කරලා Publish කරන්න විතරයි...
ඇප් එක Open කරපු ගමන්ම අලුත්ම පෝස්ට් එකේ තත්ත්වය, Today's Goals සහ එක පාරටම Reply කරන්න ඕන අත්‍යවශ්‍ය කමෙන්ට්ස් ටික Dashboard එකේම පෙන්නනවා.
සති කිහිපයක පරීක්ෂණවලින් පස්සේ, දැනට එක්සත් ජනපදය සහ කැනඩාව තුළ iOS භාවිතා කරන තෝරාගත් ක්‍රියේටර්වරුන්ට මේක නිල වශයෙන් නිකුත් කරලා තියෙනවා.
ෆේස්බුක් මෙයින් නතර වෙලා නෑ. මෑත මාසවලදී ඔවුන් තවත් අලුත් ඇප්ස් රැසක්ම එළියට දැම්මා...
Reddit එකට තරඟයක් දෙන්න Facebook Groups වෙනුවෙන්ම හදපු ඇප් එක.
Instagram යාළුවෝ අතරේ විනාඩි ගාණකින් අතුරුදහන් වෙන ඡායාරූප යවන්න පුළුවන් ඇප් එකක්.
Gaming ලෝලීන් වෙනුවෙන්ම වෙන්වුණු ඇප් එකක්.
පොඩි ළමයින්ට AI මගින් ලස්සන කතා නිර්මාණය කරලා දෙන ඇප් එකක්.